දීක්කසාද වුණොත්, අලූ‍ත් පේ‍්‍රමයක් පටන් ගත්තොත්, ඔක්කොම නවත්තලා ඕප¥පෙ හොයන මිනිස්සු ඉන්නේ නම් අපේ රටේ විතරයි - ගයාන් වික‍්‍රමතිලක

දීක්කසාද වුණොත්, අලූ‍ත් පේ‍්‍රමයක් පටන් ගත්තොත්, ඔක්කොම නවත්තලා  ඕප¥පෙ හොයන මිනිස්සු ඉන්නේ නම් අපේ රටේ විතරයි - ගයාන් වික‍්‍රමතිලක

ටික කාලෙකට කලින් ගොඩක් දෙනා නිතර ආරංචි කරලා බලපු චරිත දෙකක් ගයාන් වික‍්‍රමතිලක සහ චතුරිකා පීරිස්. ඒත් ඒ කතා ඉවර වුණාට පස්සේ ගයාන්ගෙයි චතුරිකාගෙයි අලූ‍ත් ආරංචි ලැබුණේ නැති තරම්.දැන් මේ දෙන්නා අධ්‍යක්ෂවරයයි නිෂ්පාදකවරියයි විදියට එකම ගමනක් යනවා. අලූ‍ත් විස්තර අහන්න කතාකරපු වෙලාවේ ගයාන් තමන්ගෙයි චතුරිකාගෙයි අලූ‍ත් ගමන ගැන කිව්වා.

මොනවද අලූ‍ත් විස්තර?
අලූ‍ත් ටෙලි නාට්‍යයකට ලෑස්ති වෙනවා. මම අධ්‍යක්ෂණය කරන්නේ චතුරිකාගේ තමයි නිෂ්පාදනය.

ඇයි චතුරිකාම නිෂ්පාදිකාව කරගන්නේ?
චතුරිකා නිෂ්පාදිකාවක් විදියට සාර්ථකයි. ඇය නිෂ්පාදනයට අදාළ හැම දේ ගැනම හොඳට හොයලා බලලා වැඩ කරනවා. ඒක ටෙලි නාට්‍යයක වැඩ කරද්දී ලොකු පහසුවක්.

ගයාන්-චතුරිකා එකතුවෙලා කරන ටෙලි නාට්‍යවල ජනප‍්‍රියකම කොහොමද?
ගොඩක් ජනප‍්‍රියයි. හොඳ ප‍්‍රතිචාර තියෙනවා. නාට්‍ය ඉවර වුණාට පස්සෙත් ප‍්‍රතිචාරවල අඩුවක් නැහැ.

දෙන්නාම එකතුවෙලා වැඩ කරන්න හිතුවේ ක්‍ෂේත‍්‍රයෙන් කොන් වෙලාද?
අපිව ක්‍ෂේත‍්‍රයෙන් කොන් කරන්න කවුරුහරි හිතුවොත් ඒ හිතන අයම තමයි ක්‍ෂේත‍්‍රයෙන් කොන් වෙන්නේ. අපි එකතුවෙලා වැඩ කරන්නේ ඒ වැඬේ හරියට කරන්න  ඕන නිසා.

ඔය දෙන්නා ඒ තරමට ක්‍ෂේත‍්‍රයට  ඕනද?
මාව පැත්තකින් තියන්නකෝ. චතුරිකා නැතුව මේ ක්‍ෂේත‍්‍රයේ අයට වැඩ කරන්න බැහැනේ. චතුරිකාට තියෙන තැන තව කෙනෙකුට දෙන්නත් බැහැ.

ඇයි චතුරිකා ඔය තරමට ජනප‍්‍රිය?
ඒක ජනප‍්‍රියකමකටත් වඩා ජනප‍්‍රසාදය කියලයි මට හිතෙන්නේ. මිනිස්සු චතුරිකාට ආදරෙයි. ඒක චතුරිකාගේ හැකියාවන් නිසා සහ හොඳ දේවල් කරපු නිසා ලැබිච්ච දෙයක්.

ඔය කියනිජනප‍්‍රසාදය’ ගයාන්ට නැද්ද?
මගේ රඟපෑම්වලට කැමැති ලොකු පිරිසක් ඉන්නවා. මම දායක වෙන්නේ හොඳ දේවල්වලට කියලා හිතන අයගේ ප‍්‍රසාදය මට තියෙනවා.

පහුගිය කා‍ලේ වෙච්ච සමහර දේවල්වලින් වැඩිපුරිජනයා අතරට ගියා’ කිව්වොත්?
ජනප‍්‍රිය වෙන්නවත්, මිනිස්සු අතරට යන්නවත් වෙන වෙන දේවල් යොදාගන්න මටවත් චතුරිකාටවත් වුවමනාවක් නැහැ. මොකද මිනිස්සු අපිව දන්නවා. අපි ජනප‍්‍රියයි. ඒ නිසානේ ඔය දේවල් ගැන වැඩිපුර හොයන්නෙත්.

ඒ කියන්නේ ජනප‍්‍රියකම ගයාන්ට කරදරයක් වෙලා?
ජනප‍්‍රිය කෙනෙක් දික්කසාද වුණොත්, අලූ‍ත් පේ‍්‍රමයක් පටන් ගත්තොත් අනික් වැඩ ඔක්කොම නවත්තලා අර  ඕප¥පෙ හොයන මිනිස්සු ඉන්නේ නම් අපේ රටේ විතරයි. ලෝකෙ අනිත් රටවල්වලත් මෙහෙම දේවල් වෙනවා. ඒත් ඒ මිනිස්සු නිදහසේ ඉන්නවා.


ජනප‍්‍රිය ජීවිතවල අවුල් වැඩිද?
ජීවිතවල අවුල් වුණොත් දවසකින් දෙකකින් රටම දැනගන්නවා. ඒ වුණාට හොඳ දෙයක් වුණොත් ඒක ප‍්‍රචාරය වෙන්න අවුරුදු ගාණක් යනවා. සමහර විට දැනගන්නෙම නැහැ. එතකොට පේන්නේ අවුල් විතරයි.

වෙච්ච සමහර දේවල් නිසා ගයාන්ගේ දක්ෂතාවට තිබුණු තැන අඩු වුණාද?
මේ ක්‍ෂේත‍්‍රයේම ඉන්න සමහර අය උත්සාහ කළා මාව කළු චරිතයක් කරන්න. ඒ අය බලාගෙන ඉඳලා තිබුණේ මට වැරදෙන කල්. ඒත් මම හිතන්නේ නැහැ ගයාන් වික‍්‍රමතිලකව කළු චරිතයක් කරන්න ඒ අයට පුළුවන් වුණා කියලා.

ඒ කියන්නේ ගයාන් ඇත්තටම සුදු චරිතයක්?
මම වැරදි කරලා තියෙනවා. මගෙන්ඒ වැරදි වුණේ මම මුලින් ගණිපු වැරදි තීරණ නිසා. ඒ වැරදිවලට මම දඬුවම් විඳලත් ඉවරයි.

දැන් වැරදි හදාගෙනද?
මම ඒ වෙච්ච දේවල් මතක් කරන්නවත් කැමැති නැහැ. මම හිතනවා මම දැන් ගත්ත තීරණ හරි කියලා.

ඒ තීරණත් පස්සේ වෙනස් වුණොත්?
මිනිස්සුන්ට හැමදාම වැරදෙන්නේ නැහැනේ. අත්දැකීම් ලැබුවාට පස්සේ ගන්න තීරණ වැරදෙන්නේ නැහැ.

සැරින් සැරේ තීරණ වෙනස් වෙන එක ජීවිතේට ප‍්‍රශ්නයක්නේ?
මුලින් ගත්ත තීරණ වැරදි නම් ඒවායේම එල්ලිලා ඉන්න එක ඊට වඩා ප‍්‍රශ්නයක්. වැරදි තීරණ හරිගස්සගන්න එකෙන් ජීවිතේට වෙන්නේ හොඳක්.

පරණ ජීවිතය ගැන ගයාන් කවදාවත් පසුතැවෙන එකක් නැද්ද?
මම වැරදි කළොත් මට විඳවන්න වෙනවා කියන එක මම දන්නවා. මම වැරැුද්දක් කළා. ඒකට විෙක්‍ෂව්වා. දැන් අලූ‍ත් ජීවිතයක්. පරණ ජීවිතේ ඉවරයි. ඒ ගැන ආයේ හිතන්නෙ නැහැ.

චතුරිකාගේ ජීවිතෙත් දැන් වෙනස් වෙලාද?
එයා දැන් කවදටත් වඩා නිදහසේ හොඳට ඉන්නවා. ඒක එයාට හොඳ වෙනසක්.

ගයාන්ගෙයි චතුරිකාගෙයි එකමුතුවේ ඉදිරි ගමන?
අපි එකකුවෙලා වැඩ කරන්න පටන් ගත්තේ විශ්වාසයෙන්. අපි අතර තියෙන විශ්වාසය වගේම අපේ වැඩ සාර්ථක වෙනවා කියන විශ්වාසයත් අපිට තියෙනවා. ඒ නිසා වැරදෙන්නේ නැතුව යන්න පුළුවන්.






















නෙලූෂා සිල්වා

Related

Actor Actress 2424179020529458877

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item