සුදේශ්,ආනන්ද පද්මසිරි සමග කැලුම් ‘ආදර වැස්සේ’ තෙමුණු හැටි (video)

සුදේශ් කරුණාතිලක අප හඳුනාගත්තේ ‘අරලිය’ පත්තරයෙන්.ඔහු පසුකලෙක බහරේන් රාජ්‍යයේ සිවිල් ඉංජිනේරුවරයකු ලෙස සේවය ආරම්භ කළේ මාධ්‍ය කලාවට කෙටි විරාමයක් තබමින්.එත්,පසුගිය දිනෙක සුදේශ් නිවාඩුවකට ලංකාවට ඇවිත් මතක හිටින ලොකු වැඩක් කරලා ගියා.
ප්‍රවීන ගීත රචකයකුවන ආනන්ද පද්මසිරි ලියන ලද ගීතයක් කැළුම් සුනෙත්ගේ සංගීතයට අනුව ගායනා කල සුදේශ්,කැළුම් සුනෙත්ගේ Heat Productions සමගින් ඊට ගැලපෙන රූප රචනාවකුත් කළා.මේ සඳහා නිරුපනයෙන් දායකත්වය දැක්වුයේ ‘නිෂී’.
මේ නිර්මාණය ගැන සුදේශ් අපූරු වචන පෙළක් ෆේස්බුක් පිටුවට මෙලෙස එක්කර තිබුණා.
“ආදර මල් වැස්සේ…..
ඉඳ හිට ගීයක් කියන්න ආසාවක් ඇතිවුනාට මගේම කියල ගීතයකට රූප රචනාවක් කරන්න මම තුන් හිතකින් වත් හිතල තිබුනෙ නැහැ.ඒ වුනාට ටික දවසකට ලංකාවට එන බව දැනුම් දීපු වෙලාවෙ සංගීත අධ්‍යක්ෂක සුනෙත් කැලුම් හෙවත් මගේ ආදර බර මිත්‍රයා මට ඔහුගෙන් දෙන්න මිල කළ නොහැකි බොහොම වටිනා තෑග්ගක් සූදානම් කොට තිබුණා.
සුනෙත් ගේ අළුත්ම අලුත් ගී තනුවක් මා වෙනුවෙන් තෑගි කිරීමත්, වෙන් කිරීමත් සම්පූර්ණ වුනේ ඊට බොහොම ලස්සන පද රචනාවක් අපේ තවත් හිතාදර මිත්‍රයෙක් වගේම පුවත් පත් කලාවේ මට ‘අයියා’ කෙනෙකු වූ ප්‍රවීන ගීත රචක, මාධ්‍යවේදී ආනන්ද පද්මසිරි විසින් ලියා නිම කොට මා අත තැබූ ‘ආදර මල් වැස්සේ’ ගී පද රචනාව ලැබුණාට පසුවයි.
සුනෙත් ගේ Heat Productions ස්ටූඩියෝවේ පටිගත කෙරුණු ගීතයට රූප රචනාවක් කළ යුතු මයි කියල බොහොම තදින් මට කියා සිටියේ මේ මිත්‍ර සමාගමම තමයි.සුනෙත්, නිෂී සුසංයෝගය හින්දා බත්තරමුල්ලේ වෝටර්ස් එජ් හෝටල් සංකීර්ණයට යාබද සොඳුරු ඉසව්ව අපට මේ සඳහා වෙන් කර ගන්නට ඉඩ කඩ ලැබුණා. පැය විසිහතරක් වගේ කෙටි කාලයකින් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අවසරය මේ සඳහා අපට ලැබීම විශ්මය ජනකයි.
6
කැමරා ශිල්පියා, සහය ශිල්පීන් වගේම රූප රචනාවේ රඟන්නට නිරූපණ ශිල්පීන් හොයා දුන්නෙත් සුනෙත්.ලස්සන නිෂී ගේ ලස්සන ඇස් දෙකත් සොඳුරු රුවත් රූප රචනාවට එක් කළේ හරි අපූරුවක්.
මේ දක්ෂ ශිල්ප්පින් අතර අදක්ෂයෙකු සිටියා නම් ඒ මම ම මිස වෙන කෙනෙක් නෙවී. ඒකට හේතුව මට මේ අත් දැකීම ජීවිතයේ අලුත්ම එකක් වීමයි. වැඩේට හරියන ඇඳුමක් වත් අරන් ගිහින් නොතිබුණු හින්දා මට ඇඳුම් හොයන්න රූප රචනාව අතරතුර බත්තරමුල්ලේ ඇඳුම් සාප්පු ගානේ යන්නත් සිදුවුණා. මගෙන් සිදුවුණු ඒ වගේ ප්‍රාමද දෝෂ නම් අනන්තයි.
දැන්… හරි. මට ත් දැන් මේ සබ්ජෙක්ට් එක ගැන හොඳ අත්දැකීමක් තියෙනව. ඊළඟ ෂූට් එකේ මමත් මල් ගස් වටේ දුවනව ලෙසටම.
4
දවසක් පුරා අති මහත් වූ කැප කිරීමකින් රූ ගත කරපු මේ සොඳුරු රූප රචනාව ලහි ලහියේ සුනෙත් ගේ ස්ටූඩියෝවේ සංස්කරණය කෙරෙමින් පවතින බව ඔහු අද මට කෙටි පණිවිඩයකින් දන්වා එවා තියෙනව.කොහොම වුනත් මේ සොඳුරු මිනිසුන් හැමෝටම මම ණය ගැතියි. යාලු කමට, හිතවත් කමට මිසක් මුදල් වලට නැතිව මේ තරම් කැපවීමකින් වැඩක් කරන්න ඉදිරිපත් වුනු ඔයාලා සියළු දෙනාටම හදවතින්ම ස්තූතියි.
මේ ලස්සන මෙලඩි එකයි, ට්‍රැක් එකයි හදල, රූප රචනාව අධ්‍යක්ෂණය කරල, සංස්කරණ කටයුතු ලස්සනට සිදු කරල මේතරම් ලොකු තෑග්ගක් මට දෙන්න මහන්සි වුනු ආදරණීය ‘කැළුමා…’ උඹ නම් සත්තකටම අපූරු මිත්‍රයෙක්.
ආනන්ද අයියා… ඔබත් ඒ වගේමයි. හදපු ට්‍රැක් එකකට ක්ෂණයකින් ලස්සන පද ටිකක් එක් කරල අප අතට පත් කරපු ‘සින්දු මැෂිම’ ඔබයි. මීට කලිනුත් ඔබ බොහොම ලස්සන ගී කීපයක් මට නිර්මාණය කර දුන්නා.
7
ඒ වගේමයි නිෂී ඔබට ත් මම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. රූගත කරන්නට අපිට ලොකේෂන් හොයා දෙන්න මහන්සි වුනා මදිවට අපිට අවශ්‍යම වේලාවේ සත පහක් වත් අය නොකර, මේ රූප රචනාවට රංගනයෙන් දායකත්වය ලබා දෙන්නට ඔබ ලබා දුන් අමතක නොවෙන දායකත්වය වෙනුවෙන්.
5
ඒ හැරෙන්නට අප හා එක්වුනු කැමරා ශිල්පීන්, අනෙකුත් සහය ශිල්පීන් මෙන්ම නිරූපණ ශිල්පීන්ට ත් මගේ ආදරය නොඅඩුව හිමිවෙනවා මයි.ආදර මල් වැස්සේ…….ඔබ සියළු දෙනාගේ වෙහෙස මහන්සිය නිසා යථාර්තයක් බවට පත්වූ නිර්මාණයක්. එයට මගෙන් ලැබුණේ බොහොම අල්ප දායකත්වයක්. එහි සැඟව ඇති වටිනාකම අපේ මිත්‍ර කමේ ගුණ සුවඳයි…. ඔබ හැමට ජයෙන් ජය…!”
සුදේශ් ,ආනන්ද සහ සුනෙත් කැලුම් කියන මේ මිතුරන්ගේ සුසංයෝගයෙන් නිර්මාණය වූ ‘ආදර මල් වැස්සේ’ පහතින් නරඹන්න

Related

News VIdeo 2668276462919895176

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item