ලස්සන කරපු දොස්තර ළග කල් ඉකුත් වූ බෙහෙත්
https://33000g.blogspot.com/2014/08/blog-post_25.html

වෛද්යවරියකගේ මරණය සිදුවූ කොළඹ බම්බලපිටිය විශාකා පාරේ සයමහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය Cosmetic Surgery Clinic මධ්යස්ථානයේ තිබී කල් ඉකුත් වූ ඖෂධ තොගයක් බම්බලපිටිය පොලිසිය විසින් සොයාගෙන ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරයි.
සාමාන්යයෙන් ඖෂධ සහ විලවුන් පිළිබඳ අධිකාරියට මීට ඉහත දී මෙම ඖෂධ තොගය සොගැනීමට නොහැකි වීම සැක සහිත බව ප්ලස්ටික් ශල්යෙවෙද්ය වරුන් ගේ සංගමය ප්රකාශ කර ඇත.
එමෙන්ම වෛද්ය නිමල් පෙරේරා ශල්ය වෛද්යවරයකු නොව සාමාන්ය එම් .බී. බී. එස්. උපාධිධාරී වෛද්යවරයකු පමණක් බව ද ඔවුන් සඳහන් කරයි.
ආදාළ වෛද්යවරයාට රූපලාවන්ය ශල්යකර්ම පිළිබඳ මෙරට හෝ අමෙරිකා එක්සත් ජනපදයේ කිසිදු උපාධියක් හෝ පුහුණුවක් නොමැති බවත් ඔහු අභ්යන්තර වෛද්ය විද්යා හා හෘද රෝග පිළිබඳ පෞද්ගලික වෛද්යවරයෙක් පමණකැයි ද එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.