ලංකාවේ මුනිස්සු අතල් අනා ගන්නවා - ගයන් වික්‍රමතිලක

''මම හොඳ අධ්‍යක්ෂවරයෙක් චතුරිකා කිව්වා "
''ලංකාවේ සාක්ෂරතාව 90% ගාණේ තිබ්බට ගොඩක් අයට මොළේ නැහැ. ත‍්‍රිරෝද රථයක් එළවන කෙනා හිතන් ඉන්නේ තමන් එළවන්නේ ටයිටැනික් නැව කියලා ,- ගයාන් වික‍්‍රමතිලක

01. නළුවෙක් වීම ඇතුළේ මොන වගේ ආතල් එකක්ද තියෙන්නේ?
නළුවෙක් වීම තුළ තියෙන්නේ ඇත්තටම විශාල තෘප්තියක්. ඒක තමයි කියන්න තියෙන්නේ. නළුවෙක් වීම තුළ විශාල අධ්‍යයනයක් කරන්න  ඕනෑ. ඇත්තටම ඒක ඉවරයක් වෙන්නේ නැති ආත්ම තෘප්තියක්.

02. ඔය කියන විශාල ආත්ම තෘප්තිය ඇතුළේ ආතල් කැඩිලම නැද්ද?
ඔව්. එහෙම දෙයක් තියෙනවා නම් තමයි ඉතින් මම ඉස්සර නම් හිතන් හිටියේ නළුවෙක් වෙනවා කියන්නේ සමාජයේ ඉන්න මිනිස්සු එක්ක ඉතා සමීපව ඉන්න පුළුවන් වෙනවා කියන එක කියලා. මම හිතුවා එහෙම සමීප වුණාම ඒක චරිතාංග නළුවෙක් වෙන්න උපකාරී වෙයි කියලා. ඒත් සමහර අවස්ථාවලදී මට හිතිලා තියෙනවා සමහරු එක්ක එහෙම සමීපව ඉන්න බෑ කියලා. මම මේ කියන්නේ බහුතරය ගැන නෙවෙයි. සමහර පේ‍්‍රක්ෂකයෝ දන්නේ නෑ මිනිසුන්ට ගරු කරලා කතා කරන්න. එයාලා තමන්ගේ තත්ත්වය දන්නේ නැහැ. එයාලා හිතන් ඉන්නේ නළුවන්ගේ හුස්ම වැටෙන්නේ නැත්නම් අපි ජීවත් වෙන්නේ එයාලා නිසයි කියලා. ඒ වගේ මෝඩ මත දරන සුළුතරයක් ඉන්නවා. එවැනි මෝඩ පේ‍්‍රක්ෂකයෝ නිසා ආතල් කැඩෙනවා. ඒ නිසා මම කාලයාගේ ඇවෑමෙන් අර මුලින් ගත්තු තීරණය වෙනස් කළා.


නෑ මම නිතර දෙවේලේ දකින්න සාමාන්‍ය වෙන්න, මිනිස්සු අතර ගැවසෙන්නේ නැහැ කියලා. ඒ පාර්ශ්වය නිසා මම මගේ ප‍්‍රතිපත්තිය වෙනස් කළා. ඒ සුළු පිරිස හැරුණාම බහුතරයක් ඉන්නවා අපිට ආදරය කරන සහ අපිව අගය කරලා කතා කරන. ඒ අය දන්නවා තමන් කවුද කියලා. එවැනි අය සමඟ සුහද බවත් ගනුදෙනුවක්, කතිකාවතක් තියෙනවා. තවත් සමහර අය ඉන්නවා විදේශයෙන් නළු නිළියෝ ගෙන්නුවම හුඟක් අගය කරලා කතා කරනවා. එයාලා ඒ මාර ආතල් එකක්. එයාලා ලංකාවේ නළු නිළියෝ ගැන හිතන්නේ හරියට අතපල්ලෙන් වැටිලා වගේ. මම මේ කතා කරන්නේ මේ වගේ වැඩ කරන හැසිරෙන සුළු පිරිස ගැනයි. ඒ සුළු පිරිසට මම කැමැති නැහැ.

03. ජනප‍්‍රිය වුණු පළියට දක්ෂ වෙන්න බැහැ. දක්ෂ වුණ පළියට ජනප‍්‍රිය වෙන්න බෑ. කෙටි කාලයකින් මේ ඔසඑකැ දෙකම ඔබට ලැබුණා. මොන වගේ ආතල් එකක්ද දැනෙන්නේ?
මේ නාමාවලි දෙකම මට ලැබිලා තියෙනවා ඒ ගැන මම සතුටු වෙනවා.
04. ඔබ ක්‍ෂේත‍්‍රයට ආපු මුල් කාලේ කවුරුහරි කිව්වද අනාගතයේ ගයාන් දක්ෂ, ජනප‍්‍රිය නළුවෙක් වෙනවා කියලා?
ඔව්. මහේන්ද්‍ර පෙරේරා එවැනි අනාවැකියක් පළ කළා. මම ඔහුගේ උදරන ීයදච එකට සම්බන්ධ වෙලා හිටිය කාලේ මට එහෙම කිව්වා.


05. ප‍්‍රවීණයන්ගේ කටින් එහෙම දෙයක් කිව්වම මාර ආතල් එකක් දැනුණද?
ඔව්. ලොකු සතුටක් දැනුණා. නමුත් මම ඒකෙන් හිත පුරෝගෙන නිකන් හිටියේ නැහැ. දිගටම මම මගේ වැඬේ කරගෙන ගියා.

06. පස්සේ කාලෙක මහේන්ද්‍ර පෙරේරා ඔබට ඒ ගැන නැවැත සිහිපත් කළාද?
පස්සේ කාලෙක මහේන්ද්‍ර අයියා මට ඒක මතක් කළා. ඒ ඔහුගේ ටෙලි නාට්‍යයකදී මම කරපු රංගනය දැකලා. මම ඒකේ කළේ මුස්ලිම් තරුණයෙක්ගේ චරිතයක්. මම ඒ චරිතය මහන්සි වෙලා කරපු නිසා මට මහේන්ද්‍ර අයියා කිව්වාිලොකු අයියා වැඬේ හොඳට කළා’ කියලා. මම බොහොම නිහතමානීව සතුටු වුණා.

07. මෙතෙක් ලැබුණු චරිතවලින් කරන්න ලැබුණු ආතල්ම චරිතය මොකක්ද?
ආතල් චරිත දෙකක් රඟපෑවා. එකක් බොඳ මීදුම් එකේ සාලියගේ චරිතය. අනෙක සේපාලිකා එකේ පහන්ගේ චරිතය. විශේෂයෙන් මෙහෙම එකක් ලැබුණොත් ගොඩාක් කැමැතියි කියලා චරිතයක් නැහැ. මම  ඕනම චරිතයක් කරන්න කැමැතියි. මට වැඩිපුරම ආතල් එක තියෙන්නේ ඒ චරිතයට සමාන හොඳ තිර පිටපතක් තිබුණොත් තමයි. නැත්නම් සමහර වෙලාවට එක එක කොටසට එක එක තිර පිටපත්. කොටසින් කොටසට වෙන වෙන නිෂ්පාදකවරු හොඳ තිර පිටපතක් කියන්නේ නිර්මාණයේ කොඳු නාරටිය.

08. නළුකමට අමතරව දැන් අධ්‍යක්ෂවරයෙක්ලූ‍ නේද? කොහොමද නළුකමට වඩා අධ්‍යක්ෂවරයෙක් වීම ආතල්ද?
නළුවෙක් විදියටත් ලොකු ආතල් එකක් ලැබිලා තියෙනවා. ඊට එහා ගිය ආතල් එකක් අධ්‍යක්ෂණය තුළත් තියෙනවා. හොඳ ප‍්‍රතිචාර තියෙනවා. මම හොඳ අධ්‍යක්ෂවරයෙක් කියලා මට වෙන කවුරුවත් නෙවෙයි කිව්වේ චතුරිකා. එයා නිතරම කියන දෙයක් තමයි කවුරු කළත් ඒක හරි නම් හරි, වැරැුදි නම් වැරැුදියි කියලා. මට ලැබුණු හොඳම වචන ටික තමයි ඒ.

09. පසුගිය කාලේ ගයාන්ට විවිධ ජනමාධ්‍යයන් හරහා විශේෂයෙන් වෙබ් අඩවි මඟින් මඩ ගැහුවා. මේ වගේ දේවල් වෙද්දි කලකිරීමත් එක්ක ජීවිතේ ආතල් කැඩිලා නැද්ද?
මේකට ප‍්‍රධානම හේතුව තමයි අපේ රටේ තියෙන සංස්කෘතිය. ඒක දැනට මේ පවතින ස්වභාවය. අපේ රටේ මේ වෙද්දි තියෙන්නේ ජීවත් වෙන්න නම් මොනවා හෝ කරන්න  ඕනෑ කියන අරමුණ. එතැනදී පුද්ගලයන්ගේ චරිතය ඝාතනය කරන්න වුණත් සමහර අය පෙලඹෙනවා. හැමෝම උත්සාහ කරන්නේ අරයට වඩා උඩින් ඉන්න, මෙයා කළාට වඩා වැඩි දෙයක් කරන්න. පසුගිය දවසක එක්තරා පත්තරයක මම නොකියපු දෙයක් හෙඞ්ලයින් එක විදියට දාලා තිබ්බා. මං ඇහුවා ඇයි එහෙම කළේ කියලා. එයා මට කිව්වා එහෙම දෙයක් දැම්මොත් තමයි මිනිස්සු කියවන්නේ කියලා. තමන්ගේ අරමුණ ඉටු කරගන්න නොකියපු ඒවා දාන්න  ඕනද? මේ ගයාන්ට මුල ඉඳලාම දේවල් හදන්න බෑනේ. කවදා හෝ දවසක් එනවා. අපි යම් වරදක් කළොත් ප‍්‍රතිඵල ලැබෙනවා. මැරෙන්න දවසකට කලින් හරි ඒකට උත්තරය ලැබෙනවාමයි. ඉතින් ඒක මටත් පොදුයි. වරදක් කළා නම් දඬුවම් මටත් ලැබෙයි. ඒ නිසා මම කාටවත් වෛර කරන්න යන්නෙත්, චෝදනා කරන්න යන්නෙත් නැහැ. මේවා කරන අයම කවදාක හෝ ඒවා අරගෙන යයි.


10. පසුගිය කාලේ බොහොම දඩබ්බර, කලබලකාරී විදියට හැසිරුණු ගයාන් දැන් හරි ක්‍දදක නේ... හැමෝම එහෙම කියනවා, මොකක්ද හේතුව?
ඒකට හේතු ගොඩාක් තියෙනවා. පුද්ගලයෙක් ජීවිතය තුළ පරිණත වෙද්දි ගතිගුණ, චර්යා වෙනස් වෙනවා. ප‍්‍රධානම හේතුව තමයි පුද්ගලයා ඇසුරු කරන අය. අපි ආශ‍්‍රය කරන්නේ කලහකාරී අය නම් අපිත් කලහකාරී වෙනවා. එහෙම නැති අය එක්ක ඉද්දි අපිත් එහෙම වෙනවා. මේ කියන කරුණු කාරණා එක්ක මාත් දැන් ක්‍දදක තමයි. හැබැයි මට කට්ටිය ගයාන් දැන් ක්‍දදක කිව්වා කියලා ලොකු ආතල් එකකුත් නෑ. කලහකාරියි කිව්වට ඒකේ ලොකු ආතල් එකකුත් නෑ.

11. ලෝකෙටම ණය වෙලා වුණත් අපිට දැන් ්‍යසටයඅ්හ තියෙනවා. මත්තල ගුවන්තොටුපොළක් තියෙනවා. නැව් නාවට හම්බන්තොට වරායකුත් තියෙනවා. අන්තර්ජාතික ක‍්‍රීඩාංගණයකුත් තියෙනවා. ණය වෙලා ළං වන ආශ්චර්ය ගැන හිතද්දි ආතල් එකත් දැනෙනවද?
ශ‍්‍රී  ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටක් සංවර්ධනය කරන්න නම් විදේශවලින් ණය ගන්න සිදු වෙනවා. ඒක කළ යුතු දෙයක්. අධිවේගී මාර්ග, වරාය, ගුවන්තොටුපොළ හැදෙන්න  ඕනෑ. මේ දේවල් වෙද්දි එක අතකින් රැුකියා නැති අයට ඒ ක්‍ෂේත‍්‍රවල රැුකියා ලැබෙනවා. හැබැයි ප‍්‍රශ්නේ තියෙන්නේ මේ ණය වෙලා ගන්න මුදල් නිසියාකාරව මේවට යොදවනවාද කියන එකයි.

මඟ නැඟු‍ම යටතේ රුපියල් ලක්ෂ ගාණක් අරන් පාරක් හදන කෙනාට මොළේකුත් තියෙන්න  ඕනෑ.  ධරැුඛවත් සමත් නැති කෙනෙක් නම් මේවාට දායක වෙන්නේ එයා බලන්නේ මේ ගාණෙන් කීයක් හරි තමන්ගේ මඩියට දාගන්න. මේක තමා ගැටලූ‍ව. විදේශ ආධාර කළාට ඒ ප‍්‍රතිපාදන හරියට වෙන් වෙන්න  ඕනෑ. මම කියන්නේ කොළඹ දිස්ත‍්‍රික්කයේ වෙන මේ සංවර්ධනය මුළු රටේම වෙන්න  ඕනෑ. මේවා සාධාරණව බෙදිලා යන්න  ඕනෑ. කවුරු පාරවල් හැදුවත්, වරාය හැදුවත්, ලයිට් දැම්මත්, ගස් වැව්වත් මේ ණය ගෙවන්නේ එයාලගේ සාක්කුවෙන් නෙවෙයි. මේවට ණය ගෙවන්නේ අපේ මහජනතාව හම්බ කරන සොච්චමින්, දඩ ගහලා, බදු ගහලා. කලාකරුවාගේ පැත්තටත් සාධාරණයක් වෙන්න  ඕනෑ. කිඹුලාවල ීයදදඑ එකකට ගියාම එතැනට රුපියල් 10,000ක් දීලා පැය 6කට වෙන් කරන්න කියනවා නම් අසාධාරණයි. මම කියන්නේ නෑ සත පහක් නොදී වැඬේ කරන්න ඉඩ දෙන්න  ඕනෑ කියලා. හැබැයි සාධාරණ වෙන්න  ඕනෑ.
ලංකාවේ අපිට එහෙම වුණාට ඉන්දියාවෙන් හරි වෙන රටකින් හරි ඇවිත් මේ තැන්වල ීයදදඑ කරන්න ඉල්ලූ‍වොත් නිකන් දීලා කටත් ඇරන් බලා ඉඳියි.

12. ඉතින් දැන් ඔය කලාකරුවොත් දේශපාලනයට ඇවිත් තියෙන්නේ, සාධාරණය වෙනුවෙන් එයාලා කතා කරයිනේ?
කලාකරුවෝ දේශපාලනයට එන එක ගැන මම සතුටු වෙනවා. නමුත් ඒ එන අය දේශපාලන විද්‍යාව කියලා හරියට ඉස්පිලි, පාපිලි, කොම්බු, හල්කිරීම් දාලා ලියන්නත් දැන ගන්න  ඕනෑ. ඒකේ මූලික සිද්ධාන්ත වගේම වටිනාකමත් දැනගන්න  ඕනෑ. විජය කුමාරතුංග කියන්නේ අන්න ඒ ටික හරියට දැනගෙන දේශපාලනය කරපු පුද්ගලයෙක්. බලන්න කොයි තරම් පිරිසක් ඔහු වටා එකතු වුණාද කියලා. අද දේශපාලනය කරන එක කලාකරුවෙක්ට ඔහුට වගේ එවැනි පිරිස් බලයක් තියෙනවද නැහැ. හේතුව තමයි අද අයට ප‍්‍රතිපත්තියක් නෑ. බොරු ආටෝප විතරයි.

විජය කුමාරතුංග එදා මිනිස්සු හඳුනාගෙන හිටියේ හදවතට දැනෙන දේ කරන, දැනෙන දේ කියන කෙනෙක් විදියට. අද මේ කා ගැනවත් පොදු ජනතාව එහෙම හිතන්නේ නෑ. මම මේ ළඟදි ඔ.ඪ එකේ දැක්කා ජනප‍්‍රිය නළුවෙක් බොරුවට කෑ ගහනවා, දර්ශනයක්, ප‍්‍රතිපත්තියක් නෑ. ප්‍රෝඩාව එළියට පේනවා. කලාකරුවෝ විහිළුකාරයෝ වෙන්න දේශපාලනයට එන්න  ඕන නැහැ. දේශපාලනය තුළ ඔවුන් අතරමං වෙලා. අනෙක මොකටද නළුවෙක් හෝ නිළියක් කාගෙවත්  ීය්ාදඅ එකක් වෙන්නේ. ඒක විය යුතු නැති දෙයක්.

13. මට හිතෙන විදියට ගයානුත් දේශපාලනයට එයි වගේ?
එයිද නොඑයිද කියලා මට හරියටම කියන්න බෑ. එන්නත් ඉඩ තියෙනවා. හැබැයි එහෙම ආවොත් මම කාගෙවත් වචන දෝංකාර දෙවන්නේ නැහැ. කාගෙවත් ඉඩචඤධඹ එකක් වෙන්නෙත් නැහැ.

14. ලංකාවේ මිනිස්සු ආතල් ගන්න දන්නවාද?
ලංකාවේ මිනිස්සු ආතල් අනාගන්නවා. ආතල් ගන්නවා නෙවෙයි. සාක්ෂරතාව 90% ගාණේ තිබ්බට ගොඩක් අයට මොළේ නැහැ. මහ පාරට බැස්සම එයාලගේ චර්යාවන් හොඳට පේනවා. ත‍්‍රිරෝද රථයක් එළවන කෙනා හිතන් ඉන්නේ තමන් එළවන්නේ ටයිටැනික් නැව කියලා. පාරම එයාලගේ. බයික් එකේ පෙට්රල් ටැංකිය උඩ අවුරුද්දෙ, දෙකේ සිඟිති දරුවෝ, බස්වල ්‍යදදාර්ජන එකේ ඉඳන් සෙනඟ. බඩදරු අම්මලා හිටගෙන, ඊඵඋ මර්සිඞීස් බෙන්ස්, ලෑන්ඞ්රෝවර්වල යන අය තියෙන තදබදේ අස්සේ ලයිට් ගහගෙන, කඩාගෙන යන්නේ පාරේ යන අයගේ ජීවිත ගැනවත් නොතකා. පාරට බැස්සම රටේම සංවර්ධනේ බලාගන්න පුළුවන්.
ලොකු ලොකු අය මාර්ග නීති කැඩුවම පොලිසියත් අහක බලනවා. පදිකයෙක් කහ ඉර මාරුවෙද්දි පොඩි වරදක් කළොත් ඉස්සරහට උපසර්ගෙකුත් දාලා බනිනවා. ආශ්චර්ය එතැනම පේනවා.

විශේෂයෙන්ම පාරවලට බැස්සම තමන් කොහොමද හැසිරෙන්න  ඕනෑ කියලා හැමෝම දැනගන්න  ඕනෑ. කවුරුවත් තවත් කෙනෙක්ගේ නිදහස නැති කරන්න ස්වාධීනත්වයට ඉඩ අහුරන්න හොඳ නැහැ. මගේ මූණ දැකලා අපෝ ගයාන් නේ කියලා මේක කියවන්නෙ නැතිව ඉන්නත් පුළුවන්. ඒත් මම කියන්න තියෙන දේ කියනවා. බොරු ආටෝප නැතිව හොඳට හිතන්න පුළුවන් නම් ඔළුව පාවිච්චි කරලා වැඩ කරන්න පුළුවන් පිරිසක් මහපාරට බහිනවා නම් හොඳයි.
   
අරුණි මල්ලවාරච්චි

Related

Actor Actress 6533536647648016492

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item