මන්නාරමේ දැරියක් 'සෙබළෙක්ගේ' ඇඟට යට වෙලා

මන්නාරමේ දැරියක් 'සෙබළෙක්ගේ' ඇඟට යට වෙලා
මන්නාරමේ පනන්කට්ටිකෝට්ටු නැමති ගම්මානයේ බාල වයස්කාර දැරියක් දූෂණය කළේ යැයි කියන යුද හමුදා සෙබළා වහාම අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරණ මෙන් මන්නාරම දිසා විනිසුරුවරිය වූ ආනන්දි කනගරත්නම් අඟහරුවාදා පොලිසියට නියෝග කොට තිබේ.
 
පොලිසිය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම අධිකරණයට ඉදිරිපත් කරණ ලද තොරතුරු සැලකිල්ලට ගෙන දිසා විනිසුරුවරිය එම තීරණය ලබා දුන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ පැවසුවේ.අවුරුදු 14 හැවිරිදි දැරිය දූෂණයකට ලක් ව ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් පොලිසියට දැනුම් දෙනු ලැබ ඇත.
 
දැරිය දූෂණය කිරීමේ චෝදනාව දැරිය ජීවත් වූ ප්‍රදේශයේ හමුදා කඳවුරක සෙබළෙකු වෙත ඉදිරිපත් වී ඇති බව පොලිස් ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.එම සෙබළාගේ නම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුවක් හේතුවෙන් ඔහුව අත් අඩංගුවට ගැනීම ප්‍රමාද වී අති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේය.
 
දැරිය දූෂණය කරණ අන්දම තමන් දුටුවේ යැයි කියන පුද්ගලයෙකුගෙන් ද සාක්කි සටහන් කර ගෙන ඇති බව ද පොලිසිය පැවසිය.
(BBC)

Related

News 55965972461234105

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item