න්ට ලිංගික රෝග ගැන උගන්වන්න
https://33000g.blogspot.com/2014/08/blog-post_158.html
2013දී මෙරටින් වාර්තා වූ එච්. අයි. වී. ආසාදිතයන් 196 දෙනකුගෙන් 25 දෙනකු අවුරුදු 15ත් 25ත් අතර පසුවන්නන් බවත් මේ වර්ෂයේ ගෙවුණු කාලයේදී එම වයස් කාණ්ඩයේ එච්. අයි. වී. ආසාදිතයන් 15 දෙනකු වාර්තාවී ඇති බවත් ඒ මහතා කීය. මෙයින් වැඩි පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවත් ඒ අතරින් කොළඹ දිස්ත්රික්කය ඉදිරියෙන්ම සිටින බවත් ලියනගේ මහතා කියයි.
10 වැනි ශ්රේණියෙන් ඉහළ පන්තිවල සිසුන්ට ප්රජනන සෞඛ්ය හා ලිංගික රෝග පිළිබඳ විධිමත් දැනුමක් විද්යාව විෂය යටතේ පාසල් මට්ටමින් ලබාදීමෙන් මෙම ව්යසනකාරී තත්ත්වයන් වළක්වා ගත හැකි වනු ඇතැයි ඒ මහතා පෙන්වා දෙයි.
දැනට සෞඛ්ය විෂය යටතේ එම ක්ෂේත්රය පිළිබඳ සිසුන්ට දැනුමක් ලබාදීමට උත්සාහ කළද එය කිසිසේත් ප්රමාණවත් නැතැයි කියන ලියනගේ මහතා මෙරට නිවැරැදි ලිංගික අධ්යාපන ක්රමවේදයක් නැති වීම නිසා අත්විඳින්නට සිදුව ඇති ප්රතිවිපාක ඉතා බරපතළ බවද කියයි.