බොරැල්ල පොලිසියත් කුඩු විකුණලා
https://33000g.blogspot.com/2014/08/blog-post_16.html

හෙරෝයින් තොගයක් සමග අත්අඩංගුවට ගෙන නඩු භාණ්ඩයක් ලෙස බොරුල්ල පොලීසියේ නවතා තිබූ ඇලියොන් වර්ගයේ අංක WP KC 4930 දරන සුපිරි මෝටර් රථයම යොදාගනිමින් අත්අඩංගුවේ තිබූ හෙරෝයින් කිලෝ 02ක් රැගෙන යෑම සම්බන්ධයෙන් එම පොලීසියේ කොස්තාපල්වරු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඊයේ (11) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත නිදහස් කර තිබේ. බොරැල්ල වනාතමුල්ල නාගහවත්ත ප්රදේශයේදී රුපියල් කෝටි 6කට අධික හෙරෝයින් කිලෝ 11ක් සහ රුපියල් ලක්ෂ 33ක් සමග ඉකුත් ජූලි මස 15වැනිදා මෙම සුඛෝපභෝගී මෝටර් රථයද අත්අඩංගුවට ගෙන තිබූ අතර අධිකරණයට ඉදිරිපත් කරන තෙක් නඩු භාණ්ඩයක් ලෙස ලැයිස්තු ගත කර තිබී ඇත. පොලීසියෙන් පන්නා ඇත්තේ එයින් කිලෝ දෙකක්ය. සුපිරි රථය ආපසු පැමිණෙමින් තිබියදී මැගිසින් බන්ධනාගාරය අසළදී අනතුරට ලක්විය. පොලිස් අත්අඩංගුවට ගන්නා හෙරෝයින් රහසිගතව විකුණන බව තහවුරුවූයේ මෙම අනතුර නිසාය. මේ සම්බන්ධයෙන් කොසාතාපල් වරු දෙදෙනෙකුගේ වැඩ තහනමට ලක්විය. එහෙත් මෙම ජාවාරම පිටුපස සිටින ඉහළ පොලිස් නිලධාරීන් කිසිවෙකු පිළිබඳව අනාවරණය කරගෙන නැත.මෙම හෙරෝයින් තොගය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ කිලෝ 11ක් තිබී ඇති නමුත් අධිකරණ ක්රියාමාර්ග සඳහා ගමන් කිරීමේදී කිලෝ 09ක් දක්වා අඩුවී ඇත. (උපුටා ගැනිමLanka Truth)