සලාකා හිමිකරු 'බිරිඳගේ' මධුසමය පටිගත කළ හැටි

ගාමිණි නෙත්තිකුමාර ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි. විවෘත ආර්ථිකය ශ්‍රී ලංකාවේ ඇරඹි මුල් මොහොතේ ඔහු සිය ව්‍යාපාරය ආරම්භ කළේය. දිනකට රූපවාහිනි ලොරි තුනක්‌ පමණ, අත්ඔරලෝසු දහස්‌ ගණනක්‌ ඔහුගේ ව්‍යාපාරය විසින් විකුණනු ලැබීය.
ප්‍රථම නියෝජිත තැපැල් ආයතනය ආරම්භ කරන්නේද ඔහුය. සූදු පිටිය සම්බන්ධයෙන් ඔහු සතු කතාවක්‌ තිබේ. එම කතාව සමග ඔහුගේ පවුල් ජීවිතයේ ද සම්බන්ධයක්‌ තිබේ. ඔහුගේ දරුවන් තිදෙනාගේ ද සම්බන්ධයක්‌ තිබේ.
ඔහු සමඟ දිවයින පුවත්පත කරන ලද සංවාදයක සටහන පහතින් දැක්වේ. 
සලාකා කිව්වත්, සෙංකඩ කිව්වත් ඉතා ප්‍රසිද්ධයි. කොහොමද ඔබේ ව්‍යාපාරවල ස්‌වභාවය?
වරදක්‌ නැහැ. හොඳින් කෙරීගෙන යනවා
හොඳින් කෙරීගෙන යන්නේ කෑම ව්‍යාපාරය ද නැත්නම් සූදු ව්‍යාපාරයද?
ඇයි ඕව මගෙන් අහන්නේ (සිනාසෙමින්) මම නොකළ වරදක්‌ ගැන කොහොමද උත්තර දෙන්නේ.
ඒ කියන්නේ ඔබ මේ සූදු ව්‍යාපාරයේ කොටස්‌කරුවෙක්‌ නොවෙයිද?
නැහැ. ඒක අයිති අපේ පවුලට සම්බන්ධ වෙනත් නෙත්ති කුමාර කෙනකුට. ඒ කාන්තාවක්‌.
ඇය ඔබේ කවුද? 
මගේ නෑනා කෙනෙක්‌. ඇය අපේ සහෝදරයකු හා විවාහ වුණ කෙනෙක්‌.
නමුත් සුදුව කෙරෙන්නේ ඔබේ තැනකනේ?
නැහැ. ඔය කියන තැන තියෙන්නේ සලාකා එකට ටිකක්‌ එහායින් (ඉබ්බන්වල දෙසට). මේක අද ඊයේ පටන් ගත්ත දෙයක්‌ නෙමෙයි. දැන් අවුරුදු දහයක පහළොවක විතර ඉඳන් කරගෙන එන දෙයක්‌. මෙතනට පොලිසියෙන් පැනල මිනිස්‌සුන්වයි බඩුයි බස්‌වල ලොරිවල දාගෙන යන එකත් අලුත් දෙයක්‌ නෙමෙයි. ඒව මෙතනට බොහෝම හුරුපුරුදුයි. ඊට පස්‌සේ ආරංචි එනවා උසාවියේදී දඩ ගහල තිබුණු බඩු රාජසන්තක කළා කියලා. දවස්‌ දෙක තුනකට පස්‌සේ ආයෙත් සූදුව කලින් වගේම කෙරෙනවා. මේක තමයි සාමාන්‍ය තත්ත්වය.
ඇයි වැරදිකරුවන්ට දඬුවම් ලැබෙන්නේ නැද්ද?
මගේ නෑනා මෙය කරගෙන යන්නේ අමුතුම ක්‍රමයකට. එයා මේ සූදු පිටිය සේවකයකුගේ නමට කුලියට දීලයි තියෙන්නේ. ඒක නාමිකව වෙන දෙයක්‌. හැමදාම පොලිසියෙන් අල්ලන්නේ ඒ සේවකයාව. හැමදාම හවසට අපේ නෑනට ලක්‍ෂ විස්‌සක විතර ශුද්ධ ලා

භයක්‌ එකතු වෙනවා.
මොකක්‌ද මේ සූදුවේ ස්‌වභාවය?
මේකට කියන්නේ රුචිනෝ කියලා. කෙලින්ම මුදල් දාලා කරන සූදුවක්‌. ඊට අමතරව කැසිනෝත් තියෙනවා.
ඔබත් ගිහින් තියෙනවද?
මම සුරා සූදුවෙන් තොර කෙනෙක්‌. නමුත් මේ ගැන මා දන්නවා. ඔය ස්‌ථානයේ මගේත් මල්ලිගේත් කොටස්‌ තියෙනවා. සූදු පිටිය තිබෙන්නේ අයියට අයිති කොටසේ. ඒක සම්පූර්ණයෙන්ම නීති විරෝධී ව්‍යාපාරයක්‌.
නමුත් මේ සූදු ව්‍යාපාරයත් සමග ප්‍රසිද්ධ වෙන්නේ ඔබේ බිරිඳගේ නම?
ඒක ඇත්ත. ඇය මේ වැඩවලට සම්බන්ධ වෙන්නේ මේ මෑතක.
ඒ කොහොමද?
මගේ බිරිඳ පසුගිය කාලේ අපේ ව්‍යාපාර ප්‍රතිපත්තිවලට පටහැනි විදිහට මුදල් රැස්‌ කළා. ඒ අතර ඇය විශාල ලෙස මුදල් පොලියට දීමේ ව්‍යාපාරයකුත් පවත්වාගෙන ගියා. ඒකට එයාගේ යාළුවෝ වගේම සමහර ඇමැතිවරුන්ගේ බිරින්ඳෑවරුත් විශාල ලෙස මුදල් දැම්මා. ඒත් මේ සියල්ල අතරමග කඩා වැටුණා. ඊට පස්‌සේ මිනිස්‌සු සල්ලි ඉල්ලගෙන අපේ ගෙදරට එන්න ගත්තා. සමහරු නඩු දැම්මා. එතනදී එයාගේ ආරක්‍ෂාවට තමයි XX ව ආශ්‍රය කරන්න ගත්තේ. මේ දෙන්නව මුණගස්‌වන්නෙත් සල්ලි පොලියට දෙන මගේ බිරිඳගේම යාළුවෙක්‌. ඒ මුල්ම කාලේ XX මටත් කියල තියෙනවා එක එක්‌කෙනාට ඕන විදිහට නටන්න දෙන්න බැහැ, අපි ඔයාගේ වයිෆ්ව බේරාගන්න ඕන කියලා. එතැනින් පස්‌සේ තමයි අපේ පවුල් ජීවිත අවුල්වෙලා මේ හැම දෙයක්‌ම වුණේ.
ඔබේ බිරිඳ සූදු පිටියට සම්බන්ධ වුණු විදිහ කියවුණේ නැහැ?
මේ වෙනකොට XX නමැති පුද්ගලයා සහ මගේ බිරිඳ අතර තිබෙන අනියම් ප්‍රේම සම්බන්ධය පටන් අරගෙන ඉවරයි. ඒ දෙන්නාගෙන් වැඩිම ප්‍රයෝජනය ගත්තේ මගේ නෑනා නෙත්ති කුමාර. කාලයක්‌ අපිත් එක්‌ක තරහවෙලා ඉඳපු නෑනා මගේ බිරිඳත් එක්‌ක යාළුවෙලා බිරිඳව එයාගේ ව්‍යාපාරවලට සම්බන්ධ කරගන්නවා. එතනදී XXගේ මාර්ගයෙන් විශාල ආරක්‍ෂාවක්‌ සූදු පිටියට ලැබෙනවා.
ඔබ කොහොමද කියන්නේ ඔබේ බිරිඳට එවැනි අනියම් සම්බන්ධයක්‌ තිබෙන බව. ඔබට ඒ සඳහා සාක්‍ෂි තිබෙනවද? මේ චෝදනා ඉතා බරපතළයි?
මේ ගැන මට වඩා හොඳින් දන්නේ කවුද? මේ දෙන්නගේ සම්බන්ධය ඔප්පු කරන්න අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සාක්‍ෂි මා ළඟ තියෙනවා. ඒ දෙන්න මධුසමය ගත කළ හඬ පටය පවා මා ළඟ තියෙනවා. අහල බලන්න මාව විශ්වාස නැත්නම්. (ඔහු අපට හඬ පටයක්‌ ඇසීමට සලස්‌වයි. එය වෙනත් කෙනකුගේ පුද්ගලික ජීවිතයකට අයිති දෙයක්‌ බැවින් අප එය ක්‍රියා විරහිත කරන මෙන් ඉල්ලා සිටියෙමු.) මේ විතරක්‌ නෙමෙයි ඡායාරූප පවා මා ළඟ තියෙනවා.
මේ සම්බන්ධයට කොච්චර කල්ද?
දෙදහස්‌ එකොළහ වසරේ අග හරියෙදි විතර තමයි මේ තත්ත්වය ඇති වුණේ. එදා ඉඳන් මටත් දරුවන්ටත් අපේ නිවස අපායක්‌ වුණා. දැන් දරුවො ලොකුයි. ලොකු දුව කසාදත් බැඳලා. අපිට ගොඩක්‌ කරදර වුණා. ඉවසල ඉවසල බැරිම තැන දරුවෝ ගිහින් පොලිසියේ පැමිණිල්ලක්‌ දැම්මා. ඒක විභාග කරන්නවත් පොලිසියෙන් ආවේ නැහැ.
ඇයි ඒ? 
ඔය XX කියන පුද්ගලයට තිබුණ අසීමිත බලය තමයි ඒකට හේතුව.

Related

Hot News 3379137484695433314

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item