වාරියපොල තරුණිය තිලිණි අමල්කා කිහිප විටක් දුෂණය කරලා

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය, පොලිසිය සහ සමාජය සත්‍යය විමසා නොබලා තිලිණි අමල්කා තරුණිය 'යළි යළිත් දූෂණය කළ' බව කාන්තා අයිතිවාසිකම් ක්‍රියාධරයෝ පවසති.

ලක්බිමේ මවුවරු සහ දියණියෝ සංවිධානයේ චමිලා තුෂාරි ඒ බව කියා සිටියේ පසුගියදා තමන්ට සරදම් කළ තරුණයෙකුට වාරියපොළදී පහරදීම සම්බන්ධයෙන් තිලිණි අමල්කා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම පිළිබඳව බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින්.

තිලිණි අමල්කා, නිරන්තර හිංසනයට සහ ප්‍රචණ්ඩත්වයට ගොදුරුවන ලාංකීය කාන්තාව වෙනුවෙන් පෙනී සිටි දිරිය දියණියක් බව ඇය අවධාරණය කරන්නීය.


'ලංකාවේ හැමෝටම ආදර්ශයක් දුන්න තමන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරවා ගන්න'
"මේක අලුත් පිබිදීමක්. මෙච්චර කල් නීතියේ රැකවරණය කාන්තාවට ලැබුනේ නෑ," යනුවෙන්ද චමිලා තුෂාරි සංදේශයට කියා සිටියාය.

"මේ තරුණිය ලංකාවේ හැමෝටම ආදර්ශයක් දුන්න තමන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරවා ගන්න. දැන් පොලිසියේ ඇස් අරුණ මේ ගැන ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියල."

'පැපරාසි වාර්තාකරණය'
ශ්‍රී ලංකාවේ කාන්තාවන් නිරන්තර ප්‍රචණ්ඩත්වයට, හිංසනයට සහ ලිංගික දූෂණයට ලක්වන බව සැබෑවක් නමුත් නීතිය සියතට ගැනීමට කිසිවෙකුට හෝ අයිතියක් තිබේදැයි යන්න සංදේශයේ සරෝජ් පතිරණ මතු කළ ප්‍රශ්නයක්.

එහෙත් හිංසනයට ප්‍රචණ්ඩත්වයෙන් පිළිතුරු දෙන ක්‍රමයක් ඇති කළේ ලාංකීය සමාජය විසින්ම බවයි, ලක්බිමේ මවුවරු සහ දියණියෝ සංවිධානයේ ක්‍රියාධාරිනිය පවසන්නේ.

"අද මාස පහේ දරුවාගේ ඉඳල අවුරුදු 85 මැහැල්ල දක්වා දූෂණය කරනවා. අද පොලිසියේදීත් ඇය රස්තියාදු කෙරුණා. නැවත නැවතත් ඇය දූෂණයට ලක්වෙනවා," යනුවෙන්ද ඇය සඳහන් කළාය.

තමන්ට අතවර කළ තරුණයාට වාරියපොලදී පහරදීම ජනමාධ්‍ය වාර්තා කළ අන්දම දැඩි විවේචනයට ලක් කළ ඇය එය විග්‍රහ කළේ 'පැපරාසි ක්‍රමයේ වැරදි ප්‍රචාරයක්' ලෙසින්.

කෙසේ නමුත් එම පහරදීම සාධාරණීකරණය කිරීම සිය උත්සාහය නොවන බව චමිලා තුෂාරි වැඩිදුරටත් කියා සිටියාය.

අත්අඩංගුවට ගැනුණු තිලිණි බදාදා සවස් යාමයේ නිදහස් කොට තිබෙන බවද ඇය හමුවීම සඳහා වාරියපොළට ගොස් එමින් සිටින අතරවාරයේ අදහස් දැක්වූ ක්‍රියාධාරිනිය කියා සිටියාය.

Related

Hot News 7039664397628408494

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item