හොර ලොතරැයි ගාල්ලෙන් මාට්ටු



ජාතික ලොතරැයි මණ්ඩලය විසින් දිනුම් අදින ලද දිනුම් සහිත ලොතරැයි ටිකට්පත් ව්‍යාජ ලෙස මුද්‍රණය කර මුදල් ලබා ගන්නා කණ්ඩායමක් පිළිබඳ පොලීසියට තොරතුරු ලැබී ඇත. 
රුපියල් 1000, 2000 ආදී අඩු වටිනාකමින් යුත් ටිකට්පත් මුද්‍රණය කර ගාල්ල දිස්ත‍්‍රික්කයේ ගාල්ල, උඩුගම, හිනිදුම, හික්කඩුව, ඇල්පිටිය, හබරාදුව, කරාපිටිය ආදී ප‍්‍රදේශවල ටිකට් අලෙවි නියෝජිතයන්ගෙන් මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණ වී තිබේ.
නියම ලොතරැයි පත් හා සමාන ව මුද්‍රණය කර ඇති මෙම ව්‍යාජ ටිකට්පත්වල වර්ණය අඩු මට්ටමක පවතී. පසුපිටේ ඇති  අලෙවි නියෝජිත නිල මුද්‍රාව ස්කෑන් කර ඇති අතර එය සීල් ගසා නොමැත. 
මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ ජාතික ලොතරැයි මණ්ඩලයේ ගාල්ල ප‍්‍රධාන අලෙවි නියෝජිත විපුල් ජයරත්න මහතා, ව්‍යාජ ටිකට්පත් ලබා දී අලෙවි නියෝජිතයන්ගෙන් රුපියල් 5000 ක පමණ මුදල් ලබාගෙන ඇති බවත් ලබා දී තිබූ හැඳුනුම්පත් අංක ව්‍යාජ ඒවා බවත් කියා ප්‍රකාශ කළේ ය. 
කෙසේ වුව ද ටිකට්පත් මිලදී ගන්නා පාරිභෝගිකයා කිසිඳු බියක් ඇති කර ගතයුතු නැති බව ඔහු අවධාරණයෙන් කියා සිටියේ ය.
හිනිදුම - රවීන්ද්‍ර චන්ද්‍රලාල් 

Related

News 4289553958764560623

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item