ජනප්‍රිය නිවේදිකාවකට මයුරගෙන් සජීවී සටන් පාඩමක්.



මිතුරෙකු කොල්ලකෑමට පැමිණි සොරුන් කණ්ඩායමකට ඇමරිකාවේ ටෙක්සාස් හිදී, එලව එලවා පහරදී මුළු ලොවේම අවධානය දිනාගත් ශ්‍රී ලාංකික තරුණයා වන මයුර සාරංග දිසානායක ලොව ජනප්‍රිය රූපවාහිනී නිවේදිකාවකට පසුගියදා සජීවී වැඩසටහනක් අතරතුර ඉගැන්වූ සටන් පාඩම බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන තිබේ.

සිද්ධිය මෙසේයි. අප්‍රිකානු ඇමරිකානු සම්භවයක් සහිත ජනප්‍රිය රූපවාහිනී නිවේදිකාවක වන ටැම්රන් හෝල් (Tamron Hall) සේවය කරන්නේ NBC ප්‍රවෘත්ති අංශයේයි. ඇය විසින් ඉදිරිපත් කරන News Nation with Tamron Hall වැඩසටහනට පසුගියදා මයුරව කැඳවාගෙන තිබුණේ හොරුන්ට පහරදුන් ආකාරය පිළිබඳව කතා කිරීම සඳහායි.

සාකච්ඡාවේ මැද හරියේදී නිවේදිකාව මයුරගෙන් විමසන්නේ හොරුන්ට පහරදුන් ආකාරය පැහැදිලි කරන ලෙසයි.

එම පැනයට පිළිතුරු දෙන මයුර පවසන්නේ තමන් හොරුන් ගාවට දුවගෙන යනවිට පහරදෙන ආකාරය සැලසුම් කළ බවයි.

එක්වරම, මයුරට බාධා කරන ටැම්රන් හෝල් ඉල්ලා සිටින්නේ “කියන්න ඔබේ සැලසුම. මටත් අවශ්‍යයයි එහෙම කරන්න.“ යනුවෙනි.

එවිට මයුර අදහස් දක්වන්නේ මේ ආකාරයටයි.

“ඔබ දෙදෙනෙකුට පහර දෙනවිට එකිනෙකාට පිළිවෙලට පහරදී ඔවුන්ව ඉවත් කළ යුතුයි.
පළමු පුද්ගලයාට මම මුහුණට පහරදුන්නේ ඔහුට නැවත නැගිටීමට බැරිවෙන විදිහට.“

“නමුත්, ඔහු නැගිටල ආව. හැබැයි ටිකක් වෙලා ගියා. එම වෙලාවේ මම අනිකාට පහර දුන්නා.“

තත්පර කිහිපයක් තුළදී ගත් තීන්දුවක් වුවත් එම පහරදීම තමන් කළේ සැලසුම් සහගතව බවයි මයුර වැඩිදුරටත් නිවේදිකාවට සඳහන් කළේ.

Related

Gossip 3709467902744906973

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item