නීති විරෝධි ගිනි අවි ගැන දැනුම් දෙන්න දුරකථන අංකයක්
https://33000g.blogspot.com/2014/08/blog-post_69.html
බස්නාහිර පළාත තුල භාවිත කරන නීති විරෝධි ගිනි අවි අත්අඩංගුවට ගැනීම සඳහා අද සිට මෙහෙයුමක් ආරම්භ කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබෙනවා. කොළඹ අද පැවැත්වු මාධ්ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ මෙම වැඩසටහන සඳහා මහජනතාවගේ ද සහය අපේක්ෂා කරන බවයි.
''තුවක්කු සංස්කෘතිය අපි නැති කළ යුතුයි. බස්නාහිර පළාතේ නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගැනීම සඳහා අපි දැවැන්ත මෙහෙයුමක් අද සිට ආරම්භ කළා. මෙම මෙහෙයුමට සහයෝගය ලබාදෙන ලෙස අපි සියලූම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. බස්නාහිර පළාතේ පමණක් නොව ලංකාවේ ඕනෑම පළාතක නීති විරෝධී ගිනි අවි තිබේ නම් අපට දැනුම් දෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
යම්කිසි කණ්ඩායමක් ළඟ යම්කිසි පුද්ගලයෙක් ළඟ නීති විරෝධී ගිනි අවි තිබේ නම් ඒ සම්බන්ධයෙන් ඔබට පුළුවන් කොළඹ අපරාධ කොට්ඨාසයට දුරකථන ඇමතුමක් මගින් තොරතුරු ලබාදෙන්න.සාර්ථක තොරතුරු ලබාදෙන අයගේ රහසිගතභාවය සියයට සියයක් රකිනවා. එසේම වටිනා ත්යාග මුදලක් ලබාදීමටත් කටයුතු කරනවා''යැයි පොලිස් මාධ්ය ප්රකාශකවරයා සඳහන් කළේය.
බස්නාහිර පළාතේ මෙන්ම වෙනත් පළාතක වුව ද නීති විරෝධි ගිනි අවි සම්බන්ධයෙන් තොරතුරු වේ නම් 011 2 68 51 51 හෝ 011 2 66 23 11 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙසයි පොලිස් මාධ්ය ප්රකාශකවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටී.
