පණ තියෙන කෙල්ලන්ට වඩා සැප දෙන බෝනික්කෝ
https://33000g.blogspot.com/2014/08/blog-post_85.html
කවුරු කවුරුත් තමන්ගේ වයස හරියනකොට දුකට සැපට සතුටට වගේම දුක සැප සතුට කියන්නත් තමන්ටම ඔබින සහකරුවෙක් * සහකාරියක් හොයාගන්න නම් එක අඩියක්වත් පස්සට තියන්නේ නෑ. ඒක තමයි හැටි. ඒක තමයි හැටි කියලා මේ හැම දෙයක්ම වෙන්න තියෙන විදියට වුණාවේ කියලා බලාගෙන ඉන්න පිරිස නම් අඩුයි. මොකද මේ විෂය සම්බන්ධයෙන් ගෑනු පිරිමි භේදයක් නැතිව හැමෝම කැමැත්තක් දක්වන හින්දා. ඒක අපි ඒ හැටි හිතන්න ඕන දෙයක් නෙවෙයි. ඒත් සමහර අවස්ථා තියෙනවා අපි විවිධ දේවල් ගැන ඕනෑවටත් වඩා හිතන්න ඕන. අන්න ඒක නිසා මේ විස්තරේ ගැනනම් හොඳහැටි හිතන්න වෙනවා.
කවුරුත් දන්නවනෙ බෝනික්කෝ කියන්නේ කවුද කියලා. අන්න ඒ කවුරුත් දන්න බෝනික්කෝ සම්බන්ධයෙන් කවුරුත් නොදන්න කතාවක් තියෙනවා. ඒක තමයි සමහර අය තමන්ගේ කායික අවශ්යතාවන්
සපුරාගන්න පවා බෝනික්කන් භාවිත කරනවා කියලා. මේ කතාවේ ඉතිහාසය නම් හිට්ලර්ගේ යුද්ධ කාලේ තරම්ම ඈතට යනවා. හමුදා නිලධාරීන් අතර පැතිරෙන ලිංගික රෝග වැළැක්වීමේ අරමුණින් තමයි එදා මේ විදියට හැÛීම් දැනීම් රහිත බෝනික්කෝ තම තමන්ගේ අවශ්යතාවන් සඳහා යොදාගෙන තියෙන්නේ.
ඒ එදානේ. හැබැයි මෙදානම් ඒඡුරඵඵ ඛ්පඥචබඪධද කියන කැලිෆෝනියා සමාගමක් ශරීර උෂ්ණත්වයෙන් පවා යුක්ත බෝනික්කන් නිර්මාණය කරන්න සමත්වෙලා තියෙනවා. මේ එකක මිල විදියට සඳහන් වෙලා තියෙන්නේ පවුම් 3,000ක් විතර කියලා තමයි කියන්නේ. ඉතින් සිලිකන්වලින් හදපු මේ බෝනික්කන් තමන්ගේ සහකාරියන් විදියට තියාගෙන ඉන්න සමාජයක් පවා ගොඩනැÛිලා තියෙනවා. අපේ සමාජ ක්රමය ඇතුළේ සහකාරියන් දෙන්නෙක්, තුන්දෙනෙක් තියාගෙන ඉන්න එක එක්තරා විදියක අවුල් සහගත දෙයක් වුණත් මේ සමාජය ඇතුළේ නම් එහෙම නෑ. මොකද සහකාරියන් කීපදෙනෙක් ළÛ තියාගෙන ඉන්න පුද්ගලයාව ඉතා ඉහළින්ම පිළිගැනීමකට ලක්වෙනවාය කියලත් සඳහන් වෙනවා.
සිරුරේ කම්පනයක් ඇතිවෙන, ශරීරයේ උෂ්ණත්වය ඒ විදියටම තියෙන බෝනික්කෝ නිර්මාණය වෙයි කියලා අපි නිකමටවත් හිතුවද. නෑනේ. ඉතින් කොහොම හරි තවදුරටත් හොයලා බැලූවොත් හැමෝටම හොයාගන්න ලැබෙයි තමන්ගෙ සහකරුවා එහෙම නැත්නම් සහකාරිය ලෙස බෝනික්කෝ සමÛ එකට ජීවත්වෙන බොහෝ අය ලෝකයේ විවිධ රටවල ඉන්නවාය කියලා.
