Cancer Risk Factors & Behaviour of Artists


රෙබෙකා විතරක් නෙමේ එච්ඒ, හෙන්රි,සතිෂ්,මොනිකා,ටි‍්‍රලීෂියා
මියගියෙත් පිළිකාවලින්
ඇතැම් කලාකරුවන්ගේ
වැරදි ලිංගික ක‍්‍රියාකාරකම් නිසාත්
පිළිකා වැළඳිය හැකියි
- වෛද්‍ය වසන්ත දිසානායක


මහරගම පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක විසින් රෙබෙකා නිර්මලී ඇතුළු පිළිකා රෝගය නිසා ජීවිතය අහිමිවූ කලාකරුවන් ගැන හෙළිදරව්වක් කරනු ලැබ තිබෙනවා. කලාකරුවන්ට පිළිකා වැළඳීමට තිබෙන අවදානම පිළිබඳ එක් ප‍්‍රධාන කාරණාවක් ලෙස ඔහු කියන්නේ කලාකරුවන්ගේ වැරදි ලිංගික ක‍්‍රියාකාරකම්ද පිළිකා වලට
හේතුවක් විය හැකි බවයි.
මෙවර සරසවිය පුවත්පතට ඔහු ඒ බව හෙළි කරමින් පැවසූ අදහස් පහත පරිදිය.
පිළිකාවට ජනපි‍්‍රය, අප‍්‍රකට, උස්, පහත් බේද නැහැ. නමුත් ඒ කර්මාන්තයේදී ඇතිවන නරක පුරුදු පිළිකාවලට බලපාන්න පුළුවන්. පළමු වැනි කාරණය වෙන්නේ දුම්වැටියයි. දෙවැනි කාරණය මත්පැන්. තුන්වැනි කාරණය වැරදි ආහාර රටාවයි. සතර වැන්න වැරදි ලිංගික ක‍්‍රියාකාරකම් බවයි අපට පෙනෙන්නේ. මේ මා පවසන්නේ කිසිවකුත් සමඟ අහිතකින් නොව ඒ සියල්ලෙන් පරෙස්සම් වීම වැදගත් නිසයි. එහි දී ආහාර රටා


 පිළිබඳ කිව්වොත් රතුපාට මස් වර්ග, තෙල් සහිත ආහාර කෑම හා පලා වර්ග, එළවළු අඩුවෙන් කෑම මේ සඳහා හේතුවිය හැකියි. මත්පැන් අඩු කිරීමත්, දුම්වැටි නම් කොහෙත්ම එපා කියන කාරණයයි මා පවසන්නේ. වෘත්තිය අවධානමක් තිබෙන රැුකියාවක් කරන සියල්ලන්ම එවැනි වැරදි කාරණවලින් වැළකීම මඟින් තමන්ගේ සෞඛ්‍යය ආරක්ෂා කර ගන්නවා සේම දිගු කලක් ජීවත් වීමටද වාසනාවන්ත වෙනු ඇතැයි මා සිතනවා.

රෙබෙකාව පමණක් නොවේ ඔබට කලා ලොවේ බොහෝ දෙනෙකු මේ රෝහලේදී මුණ ගැසිලා තිබෙනවා නේද?

ඇත්තටම ඔව්, මොනිකා රුවන් පතිරණ, හෙන්රි ජයසේන, සුනිල් පතිරණ, එච්. ඒ. පෙරේරා, හෙන්රි කල්දේරා, ජනේශ් සිල්වා, සතිශ් පෙරේරා, ට‍්‍රිලීෂියා ගුණවර්ධන, සෝමපාල ධර්මපි‍්‍රය ආදී කලාකරුවන් රැුසක් ඒ අතර සිටිනවා. විශේෂයෙන්ම කිවයුතු තවත් කාරණයක් තිබෙනවා. ඒ ඔවුන් මැරණු ආකාරය පිළිබඳයි. මොනිකා රුවන් පතිරණ මිය යන්නේ පිළිකාව මොළය දක්වා පැතිර යෑමෙන්. හෙන්රි ජයසේනට තිබුණේ බඩවැලේ පිළිකාවක්. නමුත් ඔහු එයින් නොවේ මිය ගියේ. එච්. ඒ. පෙරේරාට තිබුණේ ගලනාලයේ පිළිකාවක්. සතිශ් මිය ගියේ ලියුකේමියාවෙන් (බීලා නොවෙයි* ආදී විවිධ හේතු කාරක මඟින්. ඔවුන් සියලූ දෙනාම මරණයට බිය වී සිටියේ නැහැ.

එමෙන්ම මේ අය සම්බන්ධ දෛවෝපගත සිදුවීම් රැුසක් ද ඇතුළත් වන බවත් කිව යුතුයි. රෙබෙකා පිළිබඳ කිව්වොත් ‘වෙද හාමිනේ’


 ටෙලි නාට්‍යයේ ඈ රඟපාන්නේ පිළිකා රෝගීන්ට බෙහෙත් දෙන වෛද්‍යවරියක් ලෙසයි. ඈ සැබෑ ජීවිතයේදී මිය යන්නේ පිළිකා රෝගයෙන්. එවැනිම දෛවෝපගත අනෙක් සිදුවීමට ඇතුළත් වෙන්නේ සෝමපාල ධර්මපි‍්‍රයයි.

ඔහුත් සමඟ ‘රේඛාව’ චිත‍්‍රපටයේ රඟපාන්නේ මරීටල් ප‍්‍රනාන්දුයි. සේන සහ අනුලා ලෙස රඟපාන මේ දෙදෙනාගෙන් අනුලා සැබෑ ජීවිතයේදී මිය යන්නෙත් ලියුකේමියාවෙන්. ඊට වසර විස්සකට පමණ පසු එහි සේන ලෙස රඟපෑ සෝමපාල ද මිය යනුයේ ලියුකේමියාවෙන් වීම අපූරු දෛවෝපගත සිදුවීම් ලෙසයි මම දකින්නේ. පිළිකාව කියන්නේ බෝවෙන රෝගයක් නොවන බවද ඔබ මතක තබා ගත යුතු කරුණක්. ඒ වගේම අදටත් පිළිකා රෝගයෙන් සුවවී සිටින බොහෝ දෙනෙක් කලා ලොවේ සිටින බවත් පැවසිය යුතුයි.


සාකච්ඡුා කළේ - තිලානි ශානිකා විතානාච්චි

Related

News 5178595921080670347

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item