තරුණ වෙන්න ගිය වෛද්‍යවරියගේ මරණය සම්බන්ධයෙන් TV දොස්තර අත් අඩංගුවේ



බම්බලපිටියේ රූපලාවන්‍ය සායනයකින්  තරුණ වීම සදහා ප්‍රතිකාර ලබාගැනීමට ගිය වෛද්‍යවරියක් මියයයි.
47 හැවිරිදි වියේ පසුවන මෙම වෛද්‍යවරිය  බම්බලපිටිය විශාඛා පාරේ  කොස්මැටික්  සර්ජරි ක්ලිනික් යනුවෙන් පවත්වාගෙන යන රූපලාවන්‍ය  සායනයකින් ප්‍රතිකාර ලබා ගැනීමට ගොස් යම් ප්‍රතිජීවක ඖෂධයක් ලබාදීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය සදහන් කරයි.මෙලෙස මියගොස් ඇත්තේ පී ඒ ප්‍රියංගි නැමති වෛද්‍යවරියකි.

බම්බලපිටියේ පිහිටි මෙම රූපලාවන්‍ය සැත්කම් සිදුකරන ආයතනය වන ලංකා කොස්මැටික් සර්ජරි ක්ලිනික් නැමති මධ්‍යස්ථානය පවත්වාගෙන යනු ලබන්නේ ඇමරිකාවේ විශේෂඥ පුහුණුව ලැබු නිමල් ගමගේ නැමති  වෛද්‍යවරයෙක් විසිනි.(එම ආයතනයේ වෙබ් අඩවියට මෙතැනින් පිවිසෙන්න )මෙම වෛද්‍යවරයා මේ වනවිට අත් අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.
මෙම වෛද්‍යවරයා ජාතික රූපවාහිනියේ රූපලාවන්‍ය පිළිබද වෛද්‍ය සාකච්ඡා වලට පැමිණ මෙම රූපලාවන්‍ය සැත්කම් පිළිබද ප්‍රචාරය කර ඇති අතර එම වැඩසටහන් මෙහෙයවා ඇත්තේද කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීම් හෙද නිලධාරිනියක් වන පුෂ්පා රම්‍යානි විසිනි. මෙම වැඩසටහනේ දී එය මෙහෙයවන පුෂ්පා රම්‍යානි විසින් ජාතික නාලිකාව විසින් වගකීමෙන් යුතුව රූපලාවන්‍ය පිළිබදව දැනුවත් කරන බව සදහන් කරයි.

එම වෛද්‍යවරයා  සහභාගි වු රූපවාහිනි වැඩසටහන පහතින් නරඹන්න

Related

News 4652767672443767799

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item