මන්ත්රී මාන්නප්පෙරුමගේ දකුණු පාදයේ කොටසක් ඉවත් කෙරේ [UPDATE] -
https://33000g.blogspot.com/2014/09/update.html

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද උදෑසන සිදු වූරිය අනතුරකින් බරපතල තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ දකුණු පාදයේ දණහිසින් පහළ කොටස කපා ඉවත් කර තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්රකාශිකාවක් පැවසුවේ මන්ත්රීවරයාගේ පාදයට එම අනතුරෙන් දැඩි ලෙස හානි සිදුව තිබූ බවයි.
මන්ත්රී මාන්නප්පෙරුමට ජාතික රෝහලේදී සැත්කමක් [UPDATE] [2014-09-07 19:07:00]
සජිත් තිලකරත්න
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩ හා වැලිපැන්න පිවිසුම් මාර්ග අතර සිදු වූ රිය අනතුරකින් තුවාල ලැබූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී අජිත් මාන්නප්පෙරුම මහතා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේදී ශල්ය කර්මයකට භාජනය කර තිබෙනවා. රෝහලේ ප්රධාන හෙද පුහුණු කිරීමේ නිලධාරිනී පුෂ්පා රම්යාණි ද සොයිසා මෙනෙවිය පැවසුවේ මන්ත්රීවරයාගේ පාදයකට බරපතළ තුවාල සිදුව ඇති බවයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරෙන් තුවාල ලැබූ මන්ත්රීවරයා පළමුව ඇතුළත් කෙරුණේ කළුතර නාගොඩ මහරෝහලටයි. මන්ත්රීවරයා ගමන්ගත් ජිප් රථය වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයේ ආරක්ෂිත වැටෙහි ගැටී අනතුර සිදුවුණා. එම අවස්ථාවේ ජිප් රථයේ සිටි මන්ත්රීවරයා ඇතුළු තිදෙනාම අනතුරින් තුවාල ලැබුවා.
මන්ත්රී මාන්නප්පෙරුම වැඩිදුර ප්රතිකාර සඳහා කොළඹට [UPDATE] [2014-09-07 16:03:03]
සැම්සන් පේ්රමසිරි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩ හා වැලිපැන්න පිවිසුම් මාර්ග අතර සිදු වූ රිය අනතුරකින් තුවාල ලැබූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී අජිත් මාන්නප්පෙරුම මහතා වැඩිදුර ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ මන්ත්රීවරයා මූලික ප්රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ නාගොඩ මහරෝහලටයි. මන්ත්රීවරයා ගමන්ගත් ජිප් රථය වේගය පාලනය කරගත නොහැකිව ආරක්ෂිත වැටෙහි ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. එම අවස්ථාවේදී ජිප් රථයේ මන්ත්රීවරයා ඇතුළුව තිදෙනෙකු ගමන් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
මන්ත්රී අජිත් මාන්නප්පෙරුම රිය අනතුරකට ලක්වෙයි [2014-09-07 13:40:00]
පූර්ණිමා දිල්හානි
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී අජිත් මාන්නප්පෙරුම මහතා දක්ෂිණ අධිවේගී මාර්ගයේදී රිය අනතුරකට ලක්ව රෝහල්ගත කර තිබෙනවා. ඒ මහතා ප්රතිකාර සඳහා කළුතර නාගොඩ මහරෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
" පාර්ලිමේන්තු මන්තී්ර අජිත් මාන්නප්පෙරුම මහතා ගාල්ල සිට කොළඹ දෙසට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන අවස්ථාවේදී රිය අනතුරකට ලක්වී තිබෙනවා... මෙය සිදු වීම සිදු වී තිබෙන්නේ කිලෝමීටර් 39-40 යන කනුව අතර තුර...
දොඩම්ගොඩ ප්රදේශයේදී මන්තී්රවරයා ගමන් ගත් ජීප් රථය පෙරලීමෙන් අනතුර සිදුවී තිබෙනවා... මන්තී්රවරයා ඇතුළු තවත් අයෙකුට තුවාල ලාබා තිබෙනවාත.. ඔවුන් දැනට නාගොඩ රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර තිබෙනවා.. "