මේ කදුළු වල ශාපය කාටද?

BADULLA_lankanewsalert_31_10_2014කොස්ලන්ද - හල්දුම්මුල්ල, මීරියබැද්ද පෙදෙස නාය යෑමේ අවධානමක් ඇති ප්‍රදේශ ලෙසට අනතුරු අගවා ඇත්තේ මීට වසර 05කට පෙර බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
එම සංවිධානය නාය යෑමේ සිතියම සකස් කර ඇත්තේ 2005 වර්ෂයේදී.නාය යෑම් පිළිබද අධ්‍යනය කිරීමෙන් එම සිතියම සකස් කර ඇති අතර එම සිතියමේ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කොස්ලන්ද ,මීරියබැද්ද ප්‍රදේශය නාය යෑම් අවධානම් කලාපයක් ලෙසට ඇතුළත් කර තිබේ.
එහිදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කර ඇත්තේ ,එම ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත් කල යුතු බවයි.එසේම 2011 වර්ෂයේ මේ සම්බන්ධයෙන් නැවත පරීක්ෂණයක් සිදු කර ඇති අතර එවිටද හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කොස්ලන්ද ,මීරියබැද්ද ප්‍රදේශය නාය යෑම් අවධානම් කලාපයක් ලෙසට අනතුරු අගවා ජනතාව ඉන් ඉවත් කල යුතු බවට සදහන් කල බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භූ විද්‍යාඥ ගාමිණි ජයතිස්ස සදහන් කලා.
මේ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ පොලිස්පතිවරයාටද දැනුම්දී ඇත්තේ කොස්ලන්ද - හල්දුම්මුල්ල, මීරියබැද්ද පෙදෙස නාය යෑම සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ ජනතාව දැනුවත් කර නැද්ද ?එසේත් නැති නම් දැනුවත් කලාද යන්න පිළිබදව වහාම විමර්ෂනයක් සිදු කල යුතු බවයි.
එසේම ඊයේ පාර්ලිමේන්තුවේදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සදහන් කලේ කොස්ලන්ද - හල්දුම්මුල්ල, මීරියබැද්ද ප්‍රදේශය නාය යෑමෙන් පසු විපතට පත් සියළු දරුවන්ගේ ජිවිත සුරක්ෂිත කිරීමේ වගකීම රජය භාර ගන්නා බවයි.ආණ්ඩුවට ජිවීත සුරක්ෂිත කිරීම සදහා සිහියට පැමිණ ඇත්තේ මහා විනාශයකින් පසුවයි.
මීට අවුරුදු ගණනාවකට පෙර කොස්ලන්ද - හල්දුම්මුල්ල, මීරියබැද්ද නාය යෑමේ අවධානම් කලාපයක් ලෙසට පත් කර ජනතාව ඉන් ඉවත් කල යුතු බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දුන්නත් බළධාරින් ඒ පිළිබද කිසිදු තැකීමක් සිදු කර නොමැත.ජිවීත ගණනාවක් පණ පිටින් පස් වලට යටවී අවසන්.දැන් ඒ වටිනා ජිවීත වලට වගකියන්නෝ කවුරුන්ද ?
මීට පෙර බළධාරින් ජනතාව මින් ඉවත් කිරීමට කටයුතු කලා නම් අද ලංකාව කදුළු ගගක් බවට පත් වන්නේ නොමැත.

Related

News 8463817981649416629

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item