කාන්තා කාමාශාව උපදවන අලුත්ම පෙත්ත දැන් වෙළෙඳපොලේ (VIDEO)

image
කාන්තා කාමාශාව උද්දීපනය කරන නව පෙත්තකට ඇමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලනයේ අනුමැතිය හිමි වෙයි. මෙය ඇමෙරිකානු ඖෂධ කර්මාන්තය වසර දහයකට වැඩි කාලයක් තිස්සේ දැරූ උත්සාහයක ප්‍රතිපලයකි. 

නව ඖෂධය ෆ්ලිබන්සේරියන් නමින් හැඳින්වෙයි. 2010 වසරේ සිට දෙවතාවක්ම මෙම නිෂ්පාදනය ආහාර හා ඖෂධ පරිපාලනය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිය. ඊට හේතු වුයේ එහි යහපත් ප්‍රතිපලවලට වඩා අවදානම වැඩිවීමයි. පසුව වඩාත් දියුණු සායනික දත්ත සමඟ නිෂ්පාදක සමාගම මෙවර අනුමැතියට ඉදිරිපත් කර තිබිණ. ලිංගික ප්‍රබෝධය අහිමිවීම සිය පෞද්ගලික දිවියට බලපා  ඇති අන්දම පිළිබඳව කාන්තාවන්ගෙන් ලබාගත් සහතික කිරීම්ද ඉදිරිපත් කරනු ලැබිය. 


නව  ඖෂධය ගැනීමෙන් මොළයේ රසායන 3ක් වෙනසකට ලක්වන බව නිෂ්පාදකයෝ කියති. කාමාශාව හීනවූ කාන්තාවන්ගේ ලිංගික අවශ්‍යතා ඉටු කර ගැනීමේ උත්ප්‍රාසය ඉන් වර්ධනය කෙරේ. 

ඖෂධයෙයහපත් ප්‍රතිලාභයන්හි නවීනතම වර්ධනයද සායනික පරීක්ෂණ වලින් පෙන්වා දී තිබේ.කෙසේ 
වුවද රුධිර පීඩනය අඩුවීම, කරකැවිල්ල, සහ මුසපත්වීම වැනි අතුරු ආබාධ ඉන් වාර්තා වී ඇත. ඖෂධයේ අවදානම් සීමා කිරීමට පියවර ගන්නා ලෙසත්, අනතුරු ඇඟවීමේ වැකි ඖෂධ ලේබලයේ පැහැදිලිව පෙනෙන සේ සටහන් කරන  ලෙසත් සමාගමට දැනුම් දී තිබේ.

Related

Health 7115884829519834782

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item