ලක්ෂ 100ට විකුණන්න ගිය අවුරුදු 200ක් පැරණි අකුණු සන්නායකය
https://33000g.blogspot.com/2014/08/100-200.html
වසර 200කට වඩා පැරණි අකුණු සන්නායකයක් අලෙවි කිරීමට තැත්කළ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ ගිනිගත්හේන ප්රදේශයේදී මෝටර් රථයකින් මෙම අකුණු සන්නායකයක රැගෙන යමින් සිටියදීයි. සැකකරු මෙම අකුණු සන්නායකය නෝර්වුඞ් ප්රදේශයේ වතු බංගලාවකින් ගලවාගෙන ඇති බවටයි සැකකෙරෙන්නේ.
රුපියල් ලක්ෂ 100ක මුදලකට එම අකුණු සන්නායකය අලෙවි කිරීමටයි සැකකරු උත්සහ දරා ඇත්තේ. තේ වතු ආශ්රිතව ඇති පැරණි බංගලාවල සහ තේ කර්මාන්තශාලාවල අකුණු සන්නායක විශාල ප්රමාණයක් දැනටමත් විවිධ පුද්ගලයින් විසින් ගලවා අලෙවි කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. තවත් අකුණු සන්නායක ගණනාවක් ජාවාරම්කරුවන් විසින් ගැලවීමට උත්සහ කිරීමේදී වතු කම්කරුවන් ඔවුන් පලවා හැර තිබෙනවා.
පැරණි අකුණු සන්නායකවල ඇති ‘යුරේනියම්’ නමැති මූලද්රව්ය ලබාගැනීමේ අරමුණින් මෙම අකුණු සන්නායක ඉහළ මිලකට අලෙවි වන බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.