“එම්.එස්” ද? “එම්.ජී” ද? තීරණය තීරණාත්මකයි
https://33000g.blogspot.com/2014/08/blog-post_1.html
දෙරණ ඩ්රීම් ස්ටාර් සීසන් 05 කිරුල හිමිකරගත් එම්.ජී.ධනුෂ්කට එම්.එස්. ප්රනාන්දු ගීත ගැයීමට විරෝධය පළ කරමින් පසුගියදිනෙක සරත් ප්රනාන්දු සහ එම්.එස්. ප්රනාන්දුගේ පුතුන් විසින් තහනමක් සිදුකරනු ලදි.
මෙම තහනම සති 03 ක කාලයකට සීමා වූ අතර එයට හේතුව වූයේ තහනම වෙනුවෙන් එම්.ජී. ධනුෂ්ක ඔවුන්ගෙන් සති තුනක කාලයක් ඉල්ලීම සම්බන්ධවයි.
පසුගිය 11 වැනිදා මෙම තහනම අවසන් වූ අතර මෙම සිද්ධියෙන් අනතුරුව සරත් ප්රනාන්දුගේ හා එම්.ජී. ධනුෂ්කගේ අදහස පහතින්,

ඉල්ලපු සති තුන අපි දුන්නා. පොරොන්දුව රකින එක ඔහුගේ වැඩක් - සරත් ප්රනාන්දු
එම්.ජී. ධනුෂ්කට ලබාදුන් සති තුන දැන් අවසන්?
ඔව්. පසුගිය 11 වෙනිදායින් ඔහු ඉල්ලපු සති තුන ඉවර වුණා. මුලින් සති දෙකයි ඔහු ඉල්ලුවේ. පස්සේ අයියා වන සුසිල් ප්රනාන්දුව හමුවෙලා. තව සතියක් ඉල්ලලා තිබුණා. අපි ඔහුට කිසිම බැණ වැදීමක් කළේ නැහැ. ඉල්ලපු සති තුන අපි දුන්නා. ඉතින් ඒ කියපු විදියට පොරොන්දු රකින එක ඔහුගේ වැඩක්.

එම්.ජී. කියලා තිබුණා ඔහු ඔබගේ දරුවකු වගේ නිසා අනුකම්පා කරන්න කියලා. ඔබලා ඔහුට අනුකම්පා කරනවද?
එහෙම අනුකම්පා කරන්න ගිහින් අපේ රස්සාව එයාට දෙන්නේ කොහොමද? මීට ඉස්සර මෙහෙම දේවල් සිද්ධ වුණේ නැහැ. මේ නිසා දුරකථන ආයතනයත්, ඔය කියන නාලිකාව හොඳට සල්ලි හොයා ගත්තා. දිනපු අයටත් කෝටි ගණන්වලින් සල්ලි ලැබුණා. අපට කිසිම මාධ්යයකින් එහෙම දෙන්නේ නැහැ. එක රැයින් ජනප්රියවෙලා එයාලා කොච්චර ප්රයෝජන අරගෙන තියෙනවද. ඒ නිසා ඔය වගේ වැඩසටහන්වලින් එන අය අනුන්ගේ සින්දු නොවෙයි, තමන්ගේ සින්දු කියන්නයි ඕන. අපේ තාත්තා මේ සින්දු හදලා ගායනා කළේ එයා නැති දවසට පුත්තුන්ට කියන්න. එහෙම නැතුව අනුන්ට MSදෙන්න නෙවෙයි. මේක හරියට අනුන්ගේ වත්තක ගෙයක් හදනවා වගේ වැඩක් නේ.
නැවත පියාගේ ගීත ගායනා නොකරන බවට ඔබලා යම්කිසි සහතිකයක් ඔහුගෙන් බලාපොරොත්තු වෙනවද?
ඔව්. අනිවාර්යෙන්ම අපි ඔහුගෙන් එවැනි දෙයක් බලාපොරොත්තු වෙනවා. ඕනම දේක පිළිවෙළක් තියෙනවනේ.
මින් පසු ඉටුකරන්නේ රසිකයන්ගේ ඉල්ලීම් විතරයි
එම්.ජී. ධනුෂ්ක
එම්.ජී. ධනුෂ්ක
සති තුනක කාලය අවසන්. ඔබේ ගීතවල වැඩකටයුතු කොහොමද?
ඔව්. දැනටම ගීත තුනක වැඩ ඉවරයි. ඒවා හෙට අනිද්දාට අහන්න ලැබෙයි. අනිත් ගීත කිහිපයේ වැඩ කටයුතුත් ඉක්මනින්ම සිදුවේවි.
ඒ කියන්නේ පොරොන්දු වූ ලෙස ඔබ නැවත එම්.එස්. ප්රනාන්දුගේ ගීත ගායනා කරන එකක් නැද්ද?
ජනතාව ඉල්ලුවොත් සින්දුවක කොටසක් හරි, එක සින්දුවක් ගායනා කළා කියලා මට ඔවුන් මොනවත් කියයි කියලා හිතන්නේ නැහැ. මේ ළඟදී සුසිල් අංකල් හම්බවෙලත් මම ඒ ගැන කිව්වා. මගේ ගීත එක්ක රසිකයන්ගේ ඉල්ලීම් අනුව එම්.එස්. සර්ගේ ගීතයක් කිව්වාට ඔවුන් මට මොනවත් කියන එකක් නැහැ.
නැවත එම්.එස්. ප්රනාන්දු මහතාගේ ගීත ගායනා නොකරන බවට ඔවුන් ඔබගෙන් සහතිකයක් ඉල්ලුවොත්?
නැහැ. මම කොහෙත්ම හිතන්නෙ නැහැ එහෙම සහතිකයක් ඔවුන් මගෙන් ඉල්ලයි කියලා. මේක මහලොකු ප්රශ්නයක් නෙවෙයි. අපි අතරත් කිසිම ප්රශ්නයක් නැහැ.
ගීතයක අයිතිය පිළිබඳ නීතිමය තත්ත්වය
2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ හයවන වගන්තියේ අනු වගන්තියක් වන හය (1) (ඥ) වගන්තිය යටතේ වචන සහිත හා වචන රහිත සියලුම ආකාරයේ සංගීත කටයුතු මෙම පනතින් ආවණය වේ. 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ පස්වන වගන්තිය තුළ collective work යනුවෙන් සඳහන් වන්නේ ගීත වැනි සාමුහික නිර්මාණ යන්නයි.
ඒ අනුව අපේ රටේ ක්රියාත්මක වන බුද්ධිමය දේපළ නීතියේ භාවිතයට අනුව ගීතයක අයිතිය ගීත රචකයා, තනු නිර්මාපකයා සහ ගායකයා යන තිදෙනාටම අයත් වේ. ඒ සම්බන්ධයෙන් එක් අයෙකුට සම්පූර්ණ ගීතයේ අයිතිය ලැබෙන්නේ නම් අනෙක් පාර්ශ්වකරුවන් දෙදෙනා ඊට ලිඛිතව අනුමැතිය ලබා දී තිබිය යුතුය. එසේ කිසියම් ගීතයක අයිතිය පාර්ශ්වකරුවන් තිදෙනාටම තිබෙද්දී වෙනත් පුද්ගලයෙකු එම ගීතය ගායනා කරන්නේ නම් ඒ සඳහා එම පාර්ශ්වකරුවන් තිදෙනාගේම අවසරය ලබා ගත යුතුය.
එක් අයෙකුට එම ගීතයේ අයිතිය සෙසු දෙදෙනා විසින් පවරා ඇත්නම් එම තැනැත්තාගෙන් ඒ සඳහා අවසර ලබා ගත යුතුය. එසේම බුද්ධිමය දේපළ පනතේ 13 (1) වගන්තිය යටතේ ඉහතින් සඳහන් කළ පරිදි යම්කිසි කෙනෙකුට ගීතයක් අයිතිව තිබුණේ නම් එම ගීතය එහි නිර්මාපකයාගේ මරණයෙන් පසුව අවුරුදු හැත්තෑවක් ඉක්ම යන තුරුත් එහි කර්තෘත්ව අයිතිය නිර්මාපකයා සතුව පවතී.
(source : lakbima)