අනියම් අඹු සැමි යුවළ පැල තුළම මරා පුළුස්සලා


වැල්ලවාය අලුත්වෙල දඹේආර වැව අසල හේන් යායක පදිංචිව සිටි අනියම් අඹුසැමි යුවළක් හේනේ පැල තුළ සිටියදී ඊයේ (14) රාත්‍රී ඝාතනය කොට පුළුස්සා දමා ඇත. ඝාතනය කොට ඇත්තේ වෙහෙරයාය පදිංචි කරවිල අත්තගේ ලීලාවතී (46)නමැති සිව්දරු මවක හා ඇයගේ නියම් සැමියා වන සුමිත් කුමාර (26) නැමති අයෙකි.

මිය ගිය කාන්තාව මීට වසර හතරකට පමණ ඉහතදී තම සැමියා හා දරුවන් හැරදමා වෙනත් තරුණයෙකු සමග ගොමඩියහෙළ හේන්යායේ පදිංචියට පැමිණ ඇත.

ඇයගේ සැමියා හා දරුවන් මාතර ප්‍රදේශයේ පදිංචියට ගොස් තිබේ. ‍පොලීසියට ලද නිර්ණාමික දුරකථන පණිවුඩයකින් පස අදාළ හේන්යායට ගොස් පරීක්ෂා කිරීමේදී නිවස තුළ පිළිස්සී මිය ගිය දෙදෙනාගේ මළ සිරුරු හමුවී ඇත. 

Related

News 276614285649276072

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item