ඌවේ දයාසිරිට එරෙහිව රෝසි සටනට
https://33000g.blogspot.com/2014/08/blog-post_10.html
එළඹෙන ඌව පළාත් සභා මැතිවරණයේ දී එජාප මහ ඇමති අපේක්ෂක හරීන් ප්රනාන්දු පරදා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජය වෙනුවෙන් ශෂීන්ද්ර රාජපක්ෂ යළි ප්රධාන ඇමති කරවීමට වයඹ පළාත් ප්රධාන අමාත්ය දයාසිරි ජයසේකර සූදානමින් පසුවන බව වාර්තා වේ.ඔහු මේ පිළිබඳව ප්රසිද්ධව ප්රකාශකොට ඇත්තේ හරීන් පැරදවීමට තමා මහන්සි වී වැඩකරන බවයි.
මෙවර ඌව පළාත් සභා මැතිවරණයේදී ආණ්ඩු පක්ෂයෙන් හා විපක්ෂයෙන් මැතිවරණ කණ්ඩායම් නායකයන් පත්කරන අවස්ථාවේ ඔවුන්ගේ ඇති ප්රේම සම්බන්ධතා / කට කතාද සැලකිල්ලට ගෙන ඇති බවක් බැලූ බැල්මට පෙනී යයි.
ඒ අනුව හරීන්ගේ ජන්ද පදනම බිඳ දෙමිම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තරුණ පෙරමුණෙන් ඉදිරිපත්කොට ඇත්තේ හරීන් ප්රනාන්දුගේ සමීපතම යෙහෙලියක් වන හිරුනිකා ප්රේමචන්ද්ර වේ.
එයට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ජනතාවගේ ආකර්ෂණය දිනාගැනීමේ වග කීම පැවරී ඇත්තේ දයාසිරි ජයසේකර හට වන අතර ඔහුට විරුද්ධව විපක්ෂයෙන් වේදිකාවට නංවා ඇත්තේ රෝසි සේනානායක වේ.
ඒ අනුව ඉදිරියේදී ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ වේදිකාවල හොඳ හොඳ සිදුවීම් බලාගැනීමට හැකිවනවා සේම තිරය පිටුපස සිදුවීම්ද බහුල වනු ඇති බවට වාර්තා වේ.