යුනිලීවර් බූවල්ලාට සතොස බිලිවේ!

යුනිලීවර් ආයතනයේ නව නිෂ්පාදන සෑම සතොස ශාඛා අලෙවි සැලකම තිබිය යුතු බව පවසමින් ලංකා සතොස ආයතනය විශේෂ ප්‍රචාරණ වැඩසටහන් ක්‍රියාත්මක කොට ඇති බව වාර්තා වේ.

මේ අනුව අද දිනය වන විට සතොස තුල වැඩි වශයෙන් දැකිය හැක්කේ යුනිලීවර් සමාගමේ බහු ජාතික නිෂ්පාදනයන්ය. එය එක් අතකින් යුනිලීවර් භාණ්ඩ සහිත අලෙවිසලක් වන තරමටම තත්ත්වය දරුණු වී තිබේ.

මේ පිළිබඳව තොරතුරු සොයා බැලූ ගොසිප් බුක් අපිට වාර්තා වුයේ සතොස ආයතනයේ යුනිලීවර් ආයතනය විසින් දියත් කොට ඇති "සතොස සූරයෝ" නමැති වැඩසටහන හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බවය. 


සතොස සූරයෝ වැඩසටහන සඳහා යුනිලීවර් ආයතනය මගින් සතොස සේවකයන්ට ලබාදුන් පත්‍රිකාවක් කොටසක් අප පහතින් පළකරනුයේ එම වැඩසටහනෙහි ස්වභාය පිලිබඳ පාඨක ඔබට අවබෝදයක් ලබදීම උදෙසාය.

"දශකයට අධික දීර්ඝ කාලයක සිට පවත්වාගෙන ආ වෙළඳ සම්බන්ධතාවය ශක්තිමත් කිරීම ට යුනිලීවර් ලංකා හා ලංකා සතොස එකාබද්ධව ඔබ වෙත පිරිනමන්නා වූ අනගි අවස්ථාවකි සතොස සූරයෝ වැඩසටහන. සතොස සූරයෝ වැඩසටහන හුදෙක් සතොස ආයතනයේ ඔබ විසින්, අප හට පිරිනමන්නා වූ සහයෝගය ඇගයීම සඳහා මාස හයක කාලයකට පැවැත්වෙන විශේෂ වෙළඳ වැඩසටහනකි.

වැඩසටහන අතරවාරයේ ඔබ විසින් ඔබ ආයතනය සතු භාණ්ඩ පාරිභ්ගිකයන් හට අලෙවි කිරීමත් එම භාණ්ඩ ආකර්ශනීය ලෙස ප්‍රදර්ශනය කිරීම අගයා ඔබ හට මුල්‍යමය ත්‍යාග හා විදෙස් සංචාර අවස්ථා ලඟා කර දීමට අපි අපේක්ෂා කරන්නෙමු.
"

මෙම වැඩසටහනෙහි මුඛ්‍යය පරමාර්ථය ලෙස හඳුන්වා දී ඇත්තේ සතොස මෙන්ම යුනිලීවර් සමාගමද ලාබදායි වර්ධනයක් ඇතිවනු පිණිස අපේක්ෂිත ඉලක්කයන් සපුරා ගැනීමය. මෙහි අලෙවි ඉලක්ක ඉක්මවන වෙළඳසල් කළමනාකරුවන්ට හා ප්‍රාදේශීය කළමනාකරුවන්ට විශේෂ උපහාර තිලින ප්‍රදානය කිරීමේ ක්‍රමයක්ද තිබේ.

ඒ අනුව අපේක්ෂිත ඉලක්ක ඉකමවා යන හොඳම වෙළඳසැල් කළමනාකරුවන් 20 දෙනෙකුත් හොඳම ප්‍රාදේශීය කළමනාකරුවන් 07 දෙනෙකුත් මෙම උපහාර තිලින ක්‍රමය සඳහා තෝරාගනු ලැබේ. මේ සඳහා සුදුසුකම් ලැබීමට නම් මාසිකව නොකඩවා තම මාසික ඉලක්ක සැපිරීම හා ඉහල ඉල්ලුමක් ඇති භාණ්ඩ සඳහා පාරිභ්ගික අවධානය වර්ධනය කිරීමේ Perfect Store ඉලක්ක සැපිරීම සිදුවිය යුතුය.

ඊට අමතරව විකුණුම් විකුණුම් වර්ධනය සඳහා සඳහා අතිරේක උපක්‍රම භාවිතා කිරීමටද අනුබල දීමක් සිදුවේ. අතිරේක ප්‍රවර්ධන කටයුතු මොනවාද යන්න යුනිලීවර් සමාගමට දැන්වීමට සතොස කළමනාකරුවෝ බැඳී සිටිති. 

Related

News 7124326941492871299

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item