මරදානේ ගණිකා මඩම ආයෙත් වටලයි
https://33000g.blogspot.com/2014/08/blog-post_132.html
මරදානේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් සිව්දෙනෙකු වලාන මධ්යම දූෂණ මර්ධන ප්රහාරක ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
එම ගණිකා නිවාසය පවත්වාගෙන ගිය කළමණාකරු ඇතුළු ගණිකා වෘත්තියේ නියලි සිටි කාන්තාවන් 04 ක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරියන් සිව්දෙනා වයස අවුරුදු 24, 33, 29 හා 26 යන වයස් වල පසුවන අතර බවත් ඔවුන් නුවරඑළිය, දෙවිනුවර, පුපුරැස්ස හා මදුරන්කුලිය යන ප්රදේශ වල පදිංචිකාරියන් බවත් පොලිසිය පැවසී ය.
සැකකරු මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු එළඹෙන 27 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බව පොලීසිය වැඩිදුරටත් පැවසී ය.