මාරවිලදී මාළු, කේරල ගංජා වෙයි

මාරවිලදී මාළු, කේරල ගංජා වෙයි
මාළු ප්‍රවාහනය කරන මුවාවෙන් කේරල ගංජා තොගය වශයෙන් ගෙනවිත් බෙදා හැරීමේ නිතර වූ බව කියන පුද්ගලයින් දෙදෙනෙකුව අත්අඩංගුවට ගැනීමට මාරවිල පොලීසිය සමත්වී ඇත.
ඊයේ (23) රාත්‍රීයේ මාරවිල - වැල්ල ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් ගමන් කරමින් තිබූ කුඩා ප්‍රමාණයේ ලොරියේ තිබී කේරල ගංජා කිලෝ ග්රෑම් 01, ග්රෑම් 200 ක්ද පොලිස් බාරයට ගෙන ඇත. ගංජා ප්‍රවාහනයට යොදා ගත් එම ලොරියද පොලිස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගෙන් එක් අයෙකු හලාවත - මයික්කුලම පදිංචිකරුවෙකු වන අතර අනෙක් සැකකරු හලාවත වැල්ල කොලණියේ පදිංචිකරුවෙකි.
පොලිස් බාරයට ගෙන ඇති මෙම ගංජා තොගය තමන් යාපනය -ගුරුනගර් සිට ගෙන ආ බව සැකකරුවන් පොලීසිය හමුවේ පවසා ඇත.
යාපනයේ සිට කොළඹට මාළු ප්‍රවාහනය කරන මුවාවෙන් සැකකරුවන් කාලයක සිට මේ ආකාරයට ගංජා ගෙනවිත් මාරවිල ඇතුළු අවට ප්‍රදේශ වලට බෙදා හරින බවට නාවුක හමුදා බුද්ධි අංශයට තොරතුරක් ලැබී ඇත. ඒ අනුව ක්‍රියාත්මක වී ඇති පොලීසිය අදාල වැටලීම සිදු කර ඇත.
සැකකරුවන් මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මාරවිල සහකාර පොලිස් අධිකාරී ඩී.ඩී.එස්.සුරියආරච්චි මහතාගේ නායතක්වයෙන් මාරවිල මූලස්ථාන පොලිස් පරීක්ෂක චන්දන හේරත් මහතා ඇතුළු නිලධාරීන් විසින් වැටලම සිදු කර ඇත.
පුත්තලම - ජුඩ් සමන්ත.

Related

News 8893916915336800983

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item