ලංකාවේ පළමු අයිස් බකට් චැලේන්ජ් එක ඉරාජ් බාර ගනී !

ඔටාරා, මල්ෂා,තනුජා හා රන්ධීර්ට මීළඟ අභියෝගය 

චාලක න්‍යුරෝන ආබාධ ස්නායු රෝගීන් සදහා වන අරමුදලට මුදල් එක්රැස් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන Ice bucket challenge වැඩසටහන මේ දිනවල අන්තර්ජාලය පුරා ජනප්‍රියත්වයට පත්ව තිබේ.

මෙම අභියෝගයෙහි නීති පද්ධතියට අනුව මුලින්ම අභියෝගය භාරගෙන අයිස් වතුර බාල්දියකින් නාන පුද්ගලයා පැය 24 ක් තුළ තවත් පුද්ගලයෙකු නම් කළ යුතුවෙයි. එලෙස පුද්ගලයෙකු නම් කිරීමට හෝ එම අයිස් වතුරෙන් නෑමේ අභියෝගය සම්පුර්ණ කර ගැනීමට නොහැති වුවහොත් එම පුද්ගලයා විසින් ස්නායු රෝගී අරමුදලට ඩොලර් 100 ක මුදලක් තැන්පත් කල යුතු වෙයි.

එම අභියෝගය භාර ගෙන එය ඉටුකොට තමන් විසින්ම එය යු ටියුබ් වීඩියෝවක් ලෙස පල කර පැය 24 ක් තුළ මීලග අභියෝග කරුවා නම් කළ හොත් එම පුද්ගලයා පෙර කී අරමුදලට ඩොලර් 10 ක් යොමු කල යුතුය.

ෆේස්බුක් හිමිකරු, මයික්‍රොසොෆ්ට් හිමිකරු ඇතුළු ලෝකප්‍රකට චරිත රැසක් මෙම අභියෝගය බාරගෙන ඉටුකළ අතර ලංකාවේ පළමු වතාවට එය බාරගනු ලැබුවේ ඉරාජ් වීරරත්න විසිනි. 

ඉරාජ්ට එම අභියෝගය එල්ලකොට තිබුනේ ඇමෙරිකාවේ රැප් තරුවක වන Big Reeno විසිනි. ඉරාජ් විසින් එම අභියෝගය බාරගන්නා අතරතුර මීළඟ අභියෝගය එල්ලකොට ඇත්තේ Luca Dayz, ඔටාරා ගුණවර්ධන, මල්ෂා කුමාරතුංග, තනුජා ජයවර්ධන සහ රන්ධීර් වෙතය.
ඉරාජ් ට එල්ලවූ අභියෝගය බලන්න මෙතනින් 

ඉරාජ් එම අභියෝගය බාරගත් අයුරු බලන්න පහතින්


ඉරාජ් ගෙන් පසු එම අභියෝගය සුමනා ගෝමස් වෙත යොමුකරන බිග් හර්ෂ 


මයික්‍රොසොෆ්ට් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරී සත්‍යා නඩෙල්ලා (Satya Nadella) අයිස් වතුර ස්නානය කළ ආකාරය

ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් (Tim Cook) අයිස් වතුර ස්නානය කළ ආකාරය


Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ද (Mark Zuckerberg) අයිස් වතුර ස්නානය කළ ආකාරය


මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ සහ සභාපති බිල් ගේට්ස් (Bill Gates) අයිස් වතුර ස්නානය කළ ආකාරය

Related

Actor Actress 7460291365707663982

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item