මාරවිල පොලිසිය කසිප්පු ස්කාගාරයක් වටලයි


පුත්තලම - ජුඩ් සමන්ත.

මාරවිල - දෙමටපිටිය ප්‍රදේශයේ මහා පරිමාණයෙන් සිදු කර ගෙන ගිය කසිප්පු ස්කාගාරයක් වැටලීමට මාරවිල පොලීසියේ නිලධාරීන් සමත්වී ඇත.
ගිංඔය සහ හැමිල්ටන් ඇලට මැදිවූ කුඩා දූපතක මෙම කසිප්පු ස්කාගාරය පවත්වා ගෙන ගොස් තිබී ඇත.පොලිස් නිලධාරීන් විසින් වැටලීම සිදු කරන විට එම ස්ථානයේ සිටි බව කියන සැකකරුවන් දෙදෙනෙකු ගිංඔයට පැන පලා ගොස් ඇත.
කසිප්පු නිෂ්පාදනාගාරයේ තිබී නිපදවන ලද කසිප්පු බෝතල් බෝතල් 25 ක් (ඩ්‍රෑම්ස් 200ක්) ,කසිප්පු නිපදවීම ගන්නා ගෝඩා ඩ්‍රෑම්ස් 21,600 ක්,තඹ දගර 03 ක්,යකඩ බැරල් 10 ක් සහ ඇළුමේනියම් භාජන 03 ක්ද,ගෑස් සිලින්ඩර 02 ක් සහ ගිංඔය තරණය කිරීමට යොදා ගෙන තිබුණු කුඩා ප්‍රමාණයේ ඔරුවක්ද පොලිස් බාරයට ගෙන ඇත.
කාලයක් තිස්සේ මෙම කසිප්පු ස්කාගාරය හොර රහසේ පවත්වා ගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලීසිය කියයි.
මාරවිල පොලීසියේ මුලස්ථාන පොලිස් පරීක්ෂක චන්දන හේරත් මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක විජිත දිසානායක, පොලිස් සැරයන්වරුන් වන 32606 නාලක,57615 නිමල්,පොලිස් කොස්තාපල් 74476 බණ්ඩාර,පොලිස් සහායක 137 රූපසිංහ යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත.


Related

News 774149297378744319

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item