මර්වින්ගෙන් බොදුබල සේනාවට ප්‍රහාරයක්

යුද්ධ කරද්දී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගැන අසන්නට නොලැබුණු බව පවසන අමාත්‍ය මර්වින් සිල්වා මහතා, 'කොයි චණ්ඩිත් එළියට බැස්සේ යුද්ධය අවසන් වූවාට පසුයි' යනුවෙන් සඳහන් කරමින් බොදුබල සේනා සංවිධානයට එරෙහිව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඇමතිවරයා සිය නිවේදනයෙන් පවසන්නේ කොයි චණ්ඩිත් එළියට බැස්සේ යුද්ධය අවසන් වූවාට පසුව බවයි.


තම ජීවිකාව පහසුකරගැනීමට කසාවත ඇඟට දමාගත් පුද්ගලයන් සමාජයේ වෙසෙනුයේ කසාවතට ඇති සමාජ පිළිගැනීම හා ගෞරවනීය තත්ත්වය උපයෝගී කරගෙන ධනය, බලය, කීර්තිය වැනි අතෘප්තිකර ආශා පහසුවෙන් තෘප්තිමත් කරගැනීමේ අදහසින් යයිද ඔහු කියා සිටී.



‘ආරක්ෂක අංශ නොවන්නට රටපුරා භීෂණය පැතිරගිය තිස් අවුරුදු යුද්ධය නිමාකරන්න ලැබෙන්නේ නැහැ. එම භීෂණය පැවැති යුගය තුළ අද කෑමොරදෙන ගලගොඩඅත්තේ ඥානසාර උන්නැහේ කෙනෙක් ගැන අපට අසන්නට නොලැබුණි. මේ කොයි චණ්ඩියත් එළියට බැස්සේ යුද විරුවන්ගේ කැපවීම මත රටතුළ ඇතිකළ සාමයෙන් පසුවයි’ යයිද නිවේදනයේ දැක්වේ.



මේ අතර ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මර්වින් සිල්වා මහතාට නව අමාත්‍ය රාජකාරි කිහිපයක් පවරා ඇත. පසුගිය සතියේ නිකුත් කළ ගැසට් පත්‍රයකට අනුව අඩු ආදායම් ලබන සහ අවම පහසුකම් යටතේ ජීවත් වන ජනතාවගේ සුබ සාධන කටයුතු නගාසිටුවීමේ බලතල එයින් ඔහුට හිමිවේ.

Related

Hot News 465333338597344345

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item