තවත් දරුවෙක් පැහැර ගන්න ගිහින්


අලුයම් කාලයේදී නිවසකට ජනේලයකින් පැන අට හැවිරිදි දැරියක්‌ පැහැරගෙන යමින් සිටි පුද්ගලයකු එම නිවස අසල නිවෙස්‌වල බල්ලන් බිරීම නිසා අවදිව එළියට ආ පුද්ගලයෙකුගේ කෑ ගැසීම නිසා සාහසිකයා දරුවා මග දමා පලා යැමේ පුවතක්‌ ත්‍රිකුණාමලය උප්පුවේලි පොලිසියෙන් වාර්තා වේ.

දැරියගේ මව වන රත්නවීර පටබැඳිගේ මෙල්කා කුමාරි(33) යන අය පොලිසියට කළ පැමිණිල්ලේ මෙසේ ද සඳහන් වේ. "පෙරේ දා (9 දා) අලුයම 1.30 ට පමණ තම නිවසේ ජනේල්වලට තාවකාලිකව ගසා ඇති ලෑලි පටි ගලවා නිවසට ඇතුළුවී මගේ අට හැවිරිදි දැරිය පැහැරගෙන යම් පුද්ගලයකු පැනයැමේදී අවට නිවෙස්‌වල බල්ලන් බුරා තියෙනවා. ඒ සද්දයට නිවස ආසන්නයේ පදිංචි අයෙකු එතැනට පැමිණ බලද්දී අඩඅඳුරේ මෙම සිදුවීම දැක කෑ ගසා ඇති අතර ඊට බියවූ සාහසිකයා දුව බිම දමා පලාගොස්‌ තියෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරු අල්ලා ගැනීම සඳහා උප්පුවේලි පොලිසිය පැති කීපයක්‌ ඔස්‌සේ පරීක්‍ෂණ ආරම්භකොට ඇත.

මීට සතියකට පමණ පෙර ගල්ගමුව මීගලෑව ප්‍රදේශයේදී කප්පම් ඉල්ලා සිව් හැවිරිදි දරුවෙක් පැහැර ගැණුන අතර පසුව රහස් පොලිසිය මැදිහත්වීම මත එම දරුවා නිදහස් කර ගෙන සැකකරුවන්ද අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර තිබේ.

Related

News 6287393990120857267

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item