සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් දඹුල්ලේ හෝටලයක රති ක්‍රීඩාවේ

ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලිය අතර තුර මුදලට තරග පාවාදීම් සිදුකර තිබේදැයි සොයාබැලීමට පත්කර ඇති මුකුල් මුඩ්ගාල් කමිටුවේ අවධානය ශ්‍රී ලංකාවට යොමුව තිබේ. 

ඒ 2010 වසරේදී පැවති ආසියානු ක්‍රිකට් කුසලාන තරගාවලියේදී ඉන්දීය සුපිරි පිතිකරු සුරේෂ් රයිනාට තරග පාවාදීම් සදහා මෙරටදී අනුබල ලැබුනු බවට වූ වාර්තාවක් හේතුවෙනි. 

එහි සදහන්ව ඇත්තේ මෙම තරගාවලිය අතරතුර මුදලට තරග පාවාදීම් සිදුකිරීම සදහා එකගවීම වෙනුවෙන් මෙම ක්‍රීඩකයාට ගණිකාවන් සැපයීමට තැරැව්කරුවන් කටයුතු කර ඇති බවයි. තරගාවලිය අතරතුර 18 සහ 19 යන දිනයන්හිදී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම රැදීසිටි දඹුල්ල හෝටලයට මෙම ගණිකාවන් සපයා තිබේ. තැරැවුකරුවකුගෙන් ලද තොරතුරු මත එක් ගණිකාවක් සපයා ඇත්තේ සුරේෂ් රයිනාට බවයි වාර්තාවල  සදහාන් වෙයි.

කෙසේ වෙතත් මේ පිලිබද සිදුකරන පරීක්ෂණ සදහා සහය ලබාදෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරක්ෂක උපදේශක ලෝරන්ස් ෆනෑන්ඩු මහතාගෙන් ඉන්දීය පරීක්ෂණ කමිටුව ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි. 
එහෙත් ඒ සදහා සහය ලබාදීමට නම් ඉන්දීය ක්‍රිකට් ආයතනය හෝ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ මුදලට තරග පාවාදීම් සහ දූෂණ මර්දන ඒකකය හරහා ඉල්ලීමක් සිදුකල යුතු බව ඔහු ප්‍රකාශ කර තිබේ‍. 

කෙසේ වෙතත් ‍ඉන්දීය අධිකරණය මෙම පරීක්ෂණය මෙහෙයවීම හේතුවෙන් ඒ පිලිබද ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශය වෙත දැනුම්දීමක් සිදුකර තිබේ. 

මේ අනුව ඉදිරියේදී ‍සුරේෂ් රයිනා සම්බන්ධයෙන් වන මෙම පරීක්ෂණයට සී.අයි.ඩී ය සහය ලබාදෙනු ඇති බව  වාර්තා වෙයි.

Related

Sport News 523919841056328258

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item