එබෝලා වෛරසය ජෛව අවියක්
https://33000g.blogspot.com/2014/08/blog-post_46.html

බටහිර අප්රිකාවේ දහසකට පමණ මරු කැඳවූ මාරාන්තික එබෝලා වෛරසය ජෛව අවියක් ලෙස භාවිතා කිරීමට ඉඩකඩක් ඇතැයි රුසියානු ෆෙඩරල් සෞඛ්ය ජෛව විද්යා ආයතනය පවසා තිබේ.එම ආයතනයේ වැඩිදුර පුහුණු අංශයේ වසංගත රෝග දෙපාර්තමේන්තු ප්රධානි ව්ලැදිමීර් නිකිෆොරොව් පවසා ඇත්තේ මෙම වෛරසය ස්පේ්ර එකක් ආකාරයෙන් නිපදවුවහොත් එය විශාල ගැටළුවක් වනු ඇති බවයි.
න්යෂ්ටික අවියක් නිපදවීමට යුරේනියම් සංචිතයක්, න්යෂ්ටික බලාගාරයක් ආදිය අවශ්ය වුවත් ජෛව අවියක් කුඩා පර්යේෂණාගාරයක් තුළද නිපදවිය හැකි විම හේතුවෙන් ඒවා මැඩපැවැත්වීම අසීරු වී ඇති බවයි ඔහු පවසා තිබේන්නේ.මේ අතර කේම්බි්රජ විශ්වවිද්යාලයේ ජෛව මානව විද්යාඥ වෛද්ය පිටර් වෝල්ෂ්ද මෙම අදහස දක්වා ඇති අතර යම් කණ්ඩායමකට එබෝලා වෛරසය අඩංගු බෝම්බයක් ප්රසිද්ධ ස්ථානයක පුපුරුවා හැරිය හැකි නම් විශාල ප්රමාණයක් මිය යනු ඇති බවයි ඔහුගේ අදහස.
මේ වන විට ලෝකයේ එබෝලා වෛරසය ඇත්තේ පර්යේෂණාගාර කිහිපයක දැඩි ආරක්ෂක රැකවල් මධ්යයේ වුවද ත්රස්තවාදී සංවිධානයක් විසින් බටහිර අප්රිකාවෙන් වෛරසය සොයා ගැනීමේ අවදානමක් ඇති බවද වෝල්ෂ් පවසා ඇත.මාර්තු මාසයේදී ගිනියාවෙන් එබෝලා වසංගත තත්වයක් වාර්තාවූ අතර පසුව එය නයිජීරියාව, සියෙරා ලියොන් හා ලයිබිරියාවට ව්යාප්ත වන ලදී.මෙයද මිනිස් මැදිහත්වීමකින් ඇතිකළ වසංගත තත්වයක් විය හැකි බවට රුසියාව සැක පහළ කර ඇතැයි වාර්තා වේ.