මගේ යාළුවාටයි, මටයි දෙන්නෙක් ඕන.
https://33000g.blogspot.com/2014/08/blog-post_52.html
මාතර, තිහගොඩ, හක්මන පාරේ පවත්වාගෙන යන උපකාරක පන්තියකි. ඊට සහභාගීවීම සඳහා පාසල් වයසේ දරු දැරියෝ බොහොමයක් එතැනට යති. ඊට යාබදව දෙමහල් ගොඩනැගිල්ලකි. එහි පවත්වාගෙන යන්නේ හෝටලයකි. කාමර කුලියට දෙන තැනකි. ඒ නිසා එතැනට හොර රහසේ යන එන්නවුන්ද වෙති. ඒ හෝටලය තුළ කාන්තාවන් විකුණන බැවිනි. උපකාරක පන්තියට දරුවන් රැුගෙන යන මවුපියෝ මේ නිසා මහත් අපහසුතාවකට පත්ව සිටිති."සර්.. මෙතැන නරක ගෑනු විකුණනවා. අපේ දරුවෙක් ටියුෂන් පන්තියට යවන්න විදිහක් නැහැ.. හරිම කරදරයක් සර්..”
ඒ උපකාරක පන්ති යන දරුවකුගේ මවක් විසින් ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත ලබාදෙන දුරකථන ඇමතුමකි. වහා ක්රියාත්මක වන හෙතෙම මාතර කොට්ඨාස දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපතිවරයා කැඳවා මෙම ස්ථානය සොයාබලන ලෙසත් එවන් කාන්තාවන් සිටිත් නම් අත්අඩං
ගුවට ගන්නා ලෙසත් නියෝග කරන්නට විය. ඒ අනුව ස්ථානාධිපතිවරයා විසින් සැරයන් ප්රියංකර එම ස්ථානය අවට ආවේෂණ රාජකාරියේ යොදවන ලදී.
"සිවිල් ඇඳුමක් ඇඳගෙන පොලිස් නිලධාරියෙක් නොවන විදිහට මම ඒ පැත්තේ ගැවසිලා තොරතුරු හොයලා බැලූවා එතැන තියෙන්නේ ගණිකා නිවාසයක් ද නැද්ද කියලා. පස්සේ දැනගන්න ලැබුණා තොරතුර සත්ය බව.. මම මේ බව ස්ථානාධිපතිවරයා වෙත දැනුම් දුන්නා.”
"මේ කාන්තාව මීට පෙරත් තරුණියන් විකි”මේ සිද්ධියකට සම්බන්ධයි. මාතර උසාවියේ නඩු දෙකක්ම තියෙනවා.” සැරයන් ප්රියංකර කියයි.
ඒ අනුව මාතර මහෙස්ත්රාත්වරයාගෙන් සෝදිසි වරෙන්තුවක් ලබාගන්නා පොලිසිය එම ස්ථානය වටලන්න සූදානම් විය. ඒ සඳහා උපාය දුතයෙක් හැටියට නෙරන්ජන් රාලහාමි යොදා ගැණින.
''අපි කොහොමහරි හෝටලය කරන ගෑනුකෙනාගේ දුරකථන අංකය හොයාගෙන කෝල් එකක් දුන්නා. "
"ඔයා කොහොමද මාව දන්නේ...”
"මට ඔයාගේ නොම්මරය දුන්නේ යාළුවෙක්..”
"මොකක් ද? ඔයා කරන රස්සාව.”
"මට බෝට්ටු තියෙනවා”
"නෙරන්ජන් රාලහාමි මුදලාලි කෙනකු ආකාරයෙන් ඇය ඇමතුවේය. එලෙස දින දෙක තුනක්ම කතා කරද්දී ඇය නෙරන්ජන් සමග හිතවත් වූවාය.
"මගේ යාළුවෙකුටයි මටයි දෙන්නෙක් ඕන.”
"හරි එහෙනම් හෙට උදේ 10ට එන්න.. මම එතැන ඉන්නවා.”
නෙරන්ජන් මේ සියල්ල ස්ථානාධිපතිවරයා වෙත දන්වා සිටියේය. ඒ අනුව හෝටලය වැටලීමට පොලිස් කණ්ඩායම සූදානම් විය. ගණිකාවක් මිලදී ගැනීමට අවශ්ය මුදල නෙරන්ජන් අතට දුන් ස්ථානාධිපතිවරයා සියල්ල සූදානම් වූවාට පසු ජංගම දුරකථනයට තමාට ර්ණමිස් කෝල් එකක්” දෙන ලෙස නෙරන්ජන්ට කීවේය.
මොහොතකින් නෙරන්ජන් තිහගොඩ එම හෝටලයට ගියේය. ඒ තනිවමය.
"මොකද තනියම ඇයි යාළුවෙකුත් එනවැයි කිව්වා නේද..?”
"එයා තව පොඞ්ඩකින් ඒවි...”
"හැබැයි අද දෙන්නයි ඉන්නේ..”
"ඇත්තද.. එක්කෙනෙකුට කීයද ?”
"එක කෙල්ලෙක්ට දාහක් දෙන්න. ඊට වඩා ලස්සන කෙල්ලක් ඉන්නවා එයා ඕන නම් පන්දාහක් ඕන.”
හෝටලයේ කළමනාකාරිණිය නෙරන්ජන් රාලහාමිට එසේ පැවසුවේ ඔහු පොලිස් නිලධාරියකු බව නොදැනය. නෙරන්ජන් හෝටල් කාමරයට රිංගුවේ රුපියල් දාහක් ගෙවා ලබාගත් තරුණියද සමÛය.
සැරයන් රණවීර, සංජීව හා ජයරත්න එක් කණ්ඩායමක් ලෙසත් ස්ථානාධිපති උදිත හා සැරයන් ප්රියංකර, ආරියවංශ, ක්රිෂාන්ත හා කාන්තා කොස්තාපල්වරියක වූ දිල්්රුක්ෂි ද කඩාපනින ඒකකයක් ලෙසත් හෝටලයට නුදුරුව ස්ථානගතව සිටියහ.
ගතවූයේ මොහොතකි. ස්ථානාධිපතිවරයාගේ ජංගම දුරකථනයට ලැබුණුිමිස්කෝල්’ එකකි. ඒ කොස්තාපල් නෙරන්ජන්ගෙනි. වහා ක්රිියාත්මක වූ නිලධාරීන් හෝටලය තුළට කඩාවදිද්දී නෙරන්ජන් කෙල්ලක සමÛ හෝටල් කාමරය තුළය. දෙදෙනාම පොලිස් අත්අඩංගුවට පත්විය.
"මේ කවුද ?” කිසිත් නොදන්නකු ලෙස නෙරංජන් සමÛ සිටි කෙල්ලගෙන් නිලධාරියකු ඇසීය.
"මේ මගේ..”
"බොරු කියන්න එපා. මාත් පොලිසියේ..” කෙල්ලට තරු විසි විය. පසුව
එතැනට පැමිණි තරබාරු කාන්තාවකට සෝදිසි වරෙන්තුව පෙන්වූ ස්ථානාධිපතිවරයා ඇයත් තරුණියන් දෙදෙනාත් අත්අඩංගුවට ගෙන මාතර පොලිසියට ගෙන ආවේ ඔවුන්ගේ දුක් අඳෝනා මැදින් ය.
තිස් දෙහැවිරිදි සුජීවා ඉන් එක් තරුණියකි. අනුරාධපුරයේ හා රාජාගංනයේ අධ්යාපනය ලබා ඇති ඇය එක් දරු මවකි. කටුනායක පදිංචිකාරියකි.
ලපාසල් අධ්යාපනයෙන් පස්සේ මම කසාද බැන්දා. මට පුතෙක් ඉන්නවා. මහත්තයා කාලයක් ම අසනීපෙන් හිටියේ. පස්සේ එයා නැති වුණා. දරුවා ජීවත් කරන්න බැරිම නිසා මම සෞදියේ රස්සාවක ගිහින් අවුරුදු පහක්ම එහේ හිටියා. පස්සේ ආයෙත් ලංකාවට ඇවිත් දරුවත් එක්ක මගේ දෙමවුපියන් ළÛ හිටියා. ඒ අතරේ ජීවත් වීමට හුÛාක් රස්සාවල් කළා. ඒ රස්සාවලින් මුළු පවුලම ජීවත්කරවන්න බැරි නිසා ගෙදරට වෙලා හිටියා. එතකොට තමයි මගේ යාළුවෙක් ශිරෝමි අක්කාගේ ටෙලිෆෝන් නම්බරේ මට දුන්නේ. මම එයාට කතා කළා. අපි දෙන්නා යාළු වුණා. මම කිව්වා රස්සාවක් හොයලා දෙන්න කියලා. පස්සෙ ශිරෝමි අක්කා කිව්වා එක් පිරිමියකුගෙන් රුපියල් දාහක් දෙන්නම් මාතරට එන්න කියලා. මම ඒකට කැමැත්තෙන් මාතරට ආවා. මම සති දෙකක් මේ ගෙස්ට් එකේ හිටියා. ඒ කාලය තුළ මම පිරිමිත් එක්ක හිටියා. ඒ සල්ලි වලින් කොටසක් මම ගෙදරට යැව්වා. කරපු වැරැුද්ද මම පිළිගන්නවා සර්..”
සුජීවා එසේ පොලිසිය ඉදිරියේ පවසන්නට වූවාය. නිලධාරියකු ඊළÛට අනෙක් යුවතිය වූ නදීකාගෙන් ප්රශ්න කරන්නට විය. ඇය සෙවනගල පදිංචිකාරියකි. විසිපස් හැවිරිදි කාන්තාවකි.
"මම ඉගෙනගත්තේ දහය වසර වෙනකම් විතරයි. පස්සේ මම විවාහ වුණා. මට පිරිමි දරුවෙක් ඉන්නවා. පස්සේ මම පුරුෂයාගෙන් වෙන්වුණා. ඒත් නිත්යානුකූලව වෙන්වෙලා නැහැ. මම ඇඹිලිපිටිය ගාමන්ට් එකේ අවුරුදු තුනක් රස්සාවක් කළා. පස්සෙ ඒකෙන් අයින් වුණා. මට ඔය අක්කා හම්බවුණේ දානේ ගෙදරකදී. එදා එයා මට එයාගේ හෑන්ඞ් ෆෝන් නම්බරය දුන්නා. මගේ එකත් මම ඒ අක්කට දුන්නා. මට රස්සාවක් හොයලා දෙන්න කියලත් මම අක්කට කිව්වා. එතකොට එයා කිව්වා මම ගෙදර ලරෙස්ට්ල එකක් කරනවා ඔයා කැමතිනම් එන්න. මම රස්සාවක් හොයලා දෙන්නම් කියලා. පස්සේ මම ශිරෝමි අක්කලාගේ ගෙදර ගියා. පස්සේ ශිරෝමි අක්කා කිව්වා ඔයා කැමති නම් එක පිරිමියකුගෙන් රුපියල් දාහක් දෙන්නම් කියලා. පස්සේ රස්සාවක් නැති නිසාම මගේ දෙමවුපියන් සහෝදරයන් නඩත්තු කිරීමට මුදල් නැති කම නිසාත් අක්කාගේ ඉල්ලීමට කැමති වුණා. පස්සේ මම එතැනට එන අයත් එක්ක එකට හිටියම එක්කෙනෙක්ගෙන් රුපියල් දාහක් ලැබුණා.ල
"දෙදෙනාගෙන්ම එලෙස ප්රකාශ ලබාගත් නිලධාරීන් හෝටලය පවත්වාගෙන ගිය කාන්තාවගෙන් ද ප්රශ්න කළේය. දරුවන් තිදෙනකුගේ මවක් වූ ඇය වසර දහයක් තිස්සේ එම ස්ථානයේ පදිංචිව සිට ඇත.
"ගෙදර පහළ තට්ටුවේ කොත්තු කඩයක් කරනවා. ජෝඩු ආවම උඩ තට්ටුවේ කාමර දෙනවා. දැනට අවුරුදු හතරකට කලින් අපේ ව්යාපාර සේරම නැති වුණා. ඉන්පස්සේ කසිප්පු වෙළඳාමත් අරක්කු වෙළඳාමත් කළා. ඒ නිසා මමත් මගේ පුරුෂයත් පොලිසියට අහුවුණා. පස්සේ සල්ලි නැති නිසයි මේ ජොබ් එක කළේ. දැනට අවුරුදු එක හමාරක කාලයක් තිස්සේ කළත් මේක හරියටම කරගන්න බැරිවුණා.
ලමාතර එස්.එස්.පී.ගේ ඔෆිස් එකෙන් හෝටලයට පැන්නා. නඩු දෙකක් උසාවියේ තියෙනවා.ල
"මේ කෙල්ලෝ දෙන්නත් එක්ක බිස්නස් කරන්න අරන් මාස දෙකක් විතර වෙනවා. මිදිගම කෙල්ලයි ගාල්ල කෙල්ලයි අද ආවේ නැහැ. කටුනායක කෙල්ල ලස්සන නිසා එක්කෙනෙක්ගෙන් රුපියල් තුන්දාහක් පන්දාහක් අතර ගාණක් ගන්නවා. සෙවනගල කෙල්ල කළු නිසා එයාට ගත්තේ රුපියල් දාහයි.”
"මම දැනගෙන හිටියේ නැහැ. පොලිසියේ මහත්තයෙක් කෙල්ල ගත්ත බව. දැනගෙන හිටියනම් එහෙම කරන්නේ නැහැ. නැති බැරිකම හින්දත් වාහනවල ෆිනෑන්ස් ගෙවාගන්න බැරි නිසයි මෙහෙම කළේ. මින්පස්සේ කරන්නේ නැහැ.”
ඇය කීවේ එවැන්නකි. තිදෙනාගෙන්ම ප්රකාශ සටහන් කරගත් නිලධාරීන් සියල්ල මාතර කොට්ඨාස පොලිස් අධිකාරිවරයා වෙත දැනුම්දීමෙන් අනතුරුව ඔවුුන් මාතර අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී. ගණිකා නිවාසයක් පවත්වාගෙන යාම හා කළමනාකරණය හෝටලය හිමි කාන්තාවට එල්ල වූ චෝදනා වූ අතර අනුබල දීමේ චෝදනාව අනෙක් දෙදෙනාට එල්ලවිය. ඔවුන් කළ වරද පිළිගන්නා ලදී.
මෙහිදී මාතර මහෙස්ත්රාත් තුමා ඔවුන්ට දැඩි ලෙස අවවාද කළ අතර නැවත මෙවන් වැරදි ක්රියාවන්වල නොයෙදෙන ලෙස දැනුම් දුන්නේ ය.
මාතර කොට්ඨාස බාර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් සහකාර පොලිස් අධිකාරි රංජිත් අඹේපිටිය යන මහත්වරුන්ගේ උපදෙස් මත මාතර කොට්ඨාස ¥ෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උදිත කුමාර, ප්රමුඛ සැරයන්වරුන් වූ ප්රියංකර (55804), රණවීර (2159), විතාන (5244) හා කොස්තාපල්වරුන් වූ ක්රිෂාන්ත (55836) ආරියවංශ (13419) සංජීව (68478), සිසිර (72699) නෙරන්ජන් (86517) හා කාන්තා කොස්තාපල් දිල්රුක්ෂි (1727) යන පිරිසද ඊට එකÛ වූහ.
පොලිස් විමර්ශන අනුව ලිපිය සකස් විය.