එස්.එම් ලාගේ ගුණ නොගැයූ ඩිපෝ සේවකයාට ස්ථාන මාරුවක් !
https://33000g.blogspot.com/2014/08/blog-post_86.html
උතුරු මැද පළාතේ අමාත්යවරුන් කිහිප දෙනකු සහභාගි වූ අවමංගල සභාවකදී එස්.එම් පවුලේ ගුණ වර්ණනා නොකිරීමේ චෝදනාවට ලක් වූ කැකිරාව ශ්රී ලංගම ඩිපෝවේ සේවකයකුට වහාම ස්ථාන මාරුවක් ලබාදෙන ලෙස උතුරු මැද පළාතේ මහ ඇමති එස්.එම් රංජිත් විසින් කැකිරාව ඩිපෝවේ උසස් නිලධාරීන්ට බලපෑම් කර ඇති බව වාර්තා වේ.
එප්පාවල කටියාව යාය 09 ශ්රී ගාමිණී විහාරස්ථානයේ විහාරාධිපති අපවත් වී වදාළ නුවරගම් පළාත් ද්විතියීක සංඝනායක ධර්ම කීර්ති ශ්රී වලස්වැවේ අනෝමදස්සි නාහිමිපාණන්ගේ ආදාහන උත්සවය ඉකුත් 30 වැනිදා පවත්වා ඇත.
එම උත්සවයට උතුරු මැද පළාත් ප්රධාන අමාත්ය එස්. එම්. රංජිත් සමරකෝන්, විශේෂ ව්යාපෘති අමාත්ය එස්. එම්. චන්ද්රසේන, අධ්යාපන සේවා අමාත්ය දුමින්ද දිසානායක, පුනරුත්ථාපන හා බන්ධනාගාර නියෝජ්ය අමාත්ය එස්. සී. මුතුකුමාරණ යන අමාත්යවරුන් සහ පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්රිවරුන් එක්ව තිබේ.
එහිදී දායක සභාව වෙනුවෙන් කැකිරාව ඩිපෝවේ සේවය කරන සේවකයා ගුණ කථනයක් පවත්වා ඇති අතර, එහිදී ඔහු පවසා ඇත්තේ අපවත් වී වදාළ වලස්වැවේ අනෝමදස්සි නාහිමිපාණන් ප්රදේශයේ කිසිදු දේශපාලනඥයකුට ගැති නොවී කටයුතු කළ මහා සඟරුවනක් බවයි.
දේශපාලනයට ගැති වූයේ නම් මෙම විහාරස්ථානයද මීට වඩා දියුණු කර ගැනීමට හැකියාව තිබූ බවත්, පාට පක්ෂ නොසලකමින් සියලුම දේශපාලනඥයන් සමඟ උන්වහන්සේ එකට එක්ව කටයුතු කළ බවත් ඩිපෝ සේවකයා පවසා තිබේ.
දේශපාලනයට ගැති වූයේ නම් මෙම විහාරස්ථානයද මීට වඩා දියුණු කර ගැනීමට හැකියාව තිබු බව කල ප්රකාශයෙන් එම ස්ථානයේ සිටි එස්.එම් රංජිත් කෝපාවිෂ්ඨ වී ඇත. එම ඩිපෝ සේවකයා ගැන සිය ලේකම්වරයාගෙන් අමාත්යවරයා විමසා ඇති අතර එහිදී ලේකම්වරයා පවසා ඇත්තේ අදාළ සේවකයා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයකු බවයි.
එම අදාහන උත්සවයෙන් පසු ප්රධාන අමාත්යවරයා විසින් අදාළ සේවකයාව දුර බැහැර පිහිටි ඩිපෝවකට මාරුකර යවන ලෙස බලපෑම් කර තිබේ. ඒ අනුව ඉකුත් සඳුදා දිනයේ මෙම සේවකයාට සේවා අවශ්යතාව මත හොරොව්පොතාන ඩිපෝවට මාරු කරන බවට ඩිපෝ සේවකයාට ලිපියක් ලැබී තිබේ.
ඒ අනුව අදාළ සේවකයාට ස්ථාන මාරුවක් ලබාදීම සඳහා සියලුම කටයුතු සූදානම් කර තිබියදී අධ්යාපන සේවා අමාත්ය දුමින්ද දිසානායක මහතා මැදිහත් වී ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාට මේ බව දන්වා අදාළ ස්ථාන මාරුව අවලංගු කොට ඇති බව වාර්තා වේ.