සටන් නළුවට රට යෑම තහනම් කරයි!
https://33000g.blogspot.com/2014/08/blog-post_56.html

මහේස්ත්රත්වරිය එම නියෝගයේ පිටපත් කටුනායක ආගමන විගමන ආගමන විගමන පාලකවරයාටද, ආගමන විගමන දෙපාර්තමෙන්තුවේ අධ්යක්ෂවරයාට හා අභ්යන්තර බුද්ධි අංශ ප්රධානියා වෙත ද යොමුකරන ලෙසටද නියෝග ක*කඑතාය.
ටෙලි නාට්ය නිෂ්පාදකයකු වන බොරලැස්ගමුවේ පදිංචි ලසිත යසකුල ගුණසේන මහතා විසින් ගොනු කරන ලද මෝසමක් සලකා බලමින් මේ නියෝගය නිකුත්කර ඇත.
අදාල මෝසම ඉදිරිපත් කරමින් ලසිත ගුණසේන මහතා අධිකරණයට දන්වා තිබුනේ සේනක විජේසිංහ ගංගොඩවිල මහේස්ත්රාත් අධිකරණයේ හා දිසා අධිකරණයේ පවතින නඩු මඟහරිමින් විදෙස්ගත වීමේ උත්සාහයක නිරත වී සිටින බවයි.
සේනක මහතා විසින් සිදුකරන ලද වංචාවක් සම්බන්ධයෙන් ගංගොඩවිල මහේස්ත්රාත් අධිකරණයේ පවතින නඩුව පසුගිය ජුලි 31 වැනදා කැඳවනු ලැබූ අතර ඔහුට එරෙහිව ගංගොඩවිල දිසා අධිකරණයේ විභාගවන නඩුව ලබන සැප්තැම්බර් 22 වැනිදා කැඳවීමට නියමිතය.