ප්රශ්න පත්ර අවුලට - බන්දුල සී අයි ඩී යට
https://33000g.blogspot.com/2014/08/blog-post_61.html
ජාතික විභාග පැවැත්වෙන අවස්ථාවලදී සහ ඒවායේ ප්රතිඵල නිකුත් වන අවස්ථාවන්හිදීත් සිසු මනස අවුල් කිරීමේ සංවිධානාත්මක කුමන්ත්රණකාරී වැඩපිළිවෙළක් දිගින් දිගටම ක්රියාත්මක වීම ගැන අධ්යාපන අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා රහස් පොලිසියට පැමිණිලි කරයි.
ඊයේ දහවල් 12.15 සිට පස්වරු 4.00 දක්වා පැය හතරකට ආසන්න කාලයක් තිස්සේ මේ පිළිබඳව සවිස්තරාත්මක ප්රකාශයක් මගින් සිය පැමිණිල්ල ඉදිරිපත් කළ බවද අධ්යාපන ඇමැතිවරයා සඳහන් කළේය.මෙහිදී 2010 උසස් පෙළ විභාගයේ විද්යා අංශ ප්රතිඵල වාණිජ අංශයට ලැබුණු බවත් වාණිජ අංශයේ ප්රතිඵල කලා අංශයට ලැබුණු බවටත් ව්යාජ විභාග අංක ඉදිරිපත් කරමින් කළ චෝදනාවන් මෙන්ම පසුගිය වසරේ පස්වැන්නේ ශිෂ්යත්ව විභාගයේ ප්රශ්න පත්රය කලින් පිටවූ බව සඳහන් කරමින් අධිකරණ නියෝගයක් ලබා ගැනීමට කළ වෑයම මෙන්ම මෙවර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්යාව ප්රශ්න පත්රයේ දෝෂ ඇතැයි සඳහන් කරමින් ප්රධාන පාලක පරීක්ෂකවරයාට එරෙහිව සැලසුම් සහගතව චෝදනා එල්ල කිරීම පිළිබඳවත් තමන් සතුව ඇති සියලු තොරතුරුවලට අනුව මෙම පැමිණිල්ල කළ බවද බන්දුල ගුණවර්ධන මහතා ප්රකාශ කළේය.
පසුගිය 'රිවිර ඉරිදා සංග්රහය' මගින් හෙළිදරව් කළ කරුණු අනුව 2007 වසරේ පටන් 2012 වසර දක්වා කේම්බ්රිජ් ලන්ඩන් උසස් පෙළ විභාගයේ ආර්ථික විද්යා ප්රශ්න පත්රවල බහුවරණ ප්රශ්න 21ක්ම ඇතුළත් කරමින් 2013 වසරේ උසස් පෙළ ආර්ථික විද්යා පළමු ප්රශ්න පත්රය සකසා තිබිම පිළිබඳව ද පරීක්ෂණ
පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බවද අමාත්යවරයා සඳහන් කළේය.
ජාතික විභාග පැවැත්වෙන අවස්ථාවලදී සිසුන්, ගුරුවරුන්, දෙමාපියන්, විභාග දෙපාර්තමේන්තුව, අධ්යාපන අමාත්යාංශය ද අපහසුතාවට පත් කරමින් කුමන්ත්රණකාරී ලෙස වැරදි තොරතුරු ඇසුරින් සිසු මනස අවුල් කිරීමේ සංවිධානාත්මක ක්රියාදාමයක් දිගින් දිගටම ක්රියාත්මක වන බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙන නිසා මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බවද අමාත්යවරයා පැවසීය.
රටේ අධ්යාපන අමාත්යවරයා වශයෙන් පුද්ගලිකවම ඉහත කාරණා සම්බන්ධයෙන් තමන්ට චෝදනා කරමින් තමන්ව අපහසුතාවට ලක් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු දැක්වූ බව සඳහන් කළ අමාත්යවරයා එහිදී තමන් වැරදි දැයි නිවැරදි දැයි අදාළ පරීක්ෂණ ඔස්සේ හෙළිදරව් වනු ඇතැයිද තමන් නිවැරදි නම් චෝදනා එල්ල කළ පාර්ශ්වයන් සම්බන්ධයෙන් නීතිමය ක්රියාමාර්ග ගන්නා ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලෙහි සඳහන් කළ බවද අමාත්යවරයා තවදුරටත් ප්රකාශ කළේය.
රටේ අධ්යාපන ඇමැතිවරයා වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හතරවන තට්ටුවට ගොස් පැය හතරකට ආසන්න කාලයක් තිස්සේ තමන්ට පැමිණිලි කළ හැකි නම් මේ සම්බන්ධයෙන් තොරතුරු දන්නා ඕනෑම අයකුට එහි ගොස් එම පරීක්ෂණවලට සහාය ලබා දිය හැකි බවද සඳහන් කළ ඇමැතිවරයා ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම චෝදනාවන්ට අදාළ වගකිව යුත්තන් කැඳවා පරීක්ෂණ මෙහෙයවනු ඇතැයිද වැඩිදුරටත් සඳහන් කළේය.