නියඟයෙන් ප්‍රයෝජන ගත් දඩයක්කරුවන්

දිවයිනේ පළාත් ගණනාවක පවතින වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජනතාව පිඩා වට පත්වනවා සේම එම ප්‍රදේශ වල සතුන් දැඩි පිඩාවන්ට පත්ව ඇත .
බොහෝ ජනතාවට සහන ලැබෙමින් පැවතිය ද රජරට ප්‍රදේශයේ වනසතුන්ට ආහාර ජලය නොමැති තත්ත්වයක් උදාවී තිබේ.
මින්නේරිය ,කවුඩුල්ල ,හබරණ, කහල්ල .වස්ගමුව .සිගිරිය .රක්ෂිත වල සතුන් මෙන්ම අවට ප්‍රදේශ වල වැව් ආසන්නයේ ජිවත්වන වන සතුන් අසරණ වී සිටින අතර දිය සොයා පැමිණෙන වන සතුන් දඩයක්කරුවන් ගේ ගොදුරු බවටද පත්වී ඇත.
එමෙන්ම වසර 06 කින් පසුව අම්පාර දිස්ති‍්‍රක්කයට ද දැඩි නියං තත්ත්වයක් උදාවී ඇත. 
මේ හේතුව නිසා අම්පාර දිස්ති‍්‍රක්කයේ ප‍්‍රධාන වැව් 06 ක ජල මට්ටම සීග‍්‍රයෙන් පහළ බැස තිබේ.
මේ හේතුවෙන් ඇතැම් ප‍්‍රදේශවල පානීය ජලය ලබා ගැනීමද බලවත් ගැටලූවක් වී ඇති අතර කුඹුරු අක්කර දහස් ගණනක් අත් ඇරීමට ද සිදුව ඇත. 
දමන, මහඔය, පදියතලාව, පොතුවිල්, තිරුක්කෝවිල්, නාවදන්වැලි යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල මේ තත්ත්වය ඉතා උග‍්‍රව පවතී.
මේ වන විට ඉගිණියාගල සේනානායක සමුද්‍රයේ ජල මට්ටම අක්කර අඩි 61,625 දක්වා පහළ බැස තිබේ. 
මෙහි සම්පූර්ණ ජල ධාරිතාවය අක්කර අඩි 7,77,000 කි. නාමල්ඔය ජලාශයේ මුලූ ජල ධාරිතාවය අක්කර අඩි 42,750 ක් වුවත් දැනට ඇත්තේ අක්කර අඩි 7730 කි. 
පන්නල්ගම ජලාශයේ ජල ධාරිතාවය අක්කර අඩි 27,600 ක් වුවත් දැනට එහි ජල ධාරිතාවය ඇත්තේ අක්කර අඩි 5847 කි. 
අම්බලන්ඔයේ ජල ධාරිතාවය අක්කර අඩි 35,950 ක් උවත් දැනට ජලය ඉතිරිව ඇත්තේ අක්කර අඩි 8526 කි.
එක්ගල්ඔය ජලාශයේ ජල මට්ටම අක්කර අඩි 22,500 කි. 
දැනට එහි ඉතිරිව ඇත්තේ අක්කර අඩි 5396 කි. පල්ලන්ඔය ජලාශයේ ජල මට්ටම අක්කර අඩි 93,000 ක් වෙන අතර දැනට එහි ඉතිරිව ඇත්තේ අක්කර අඩි 5910 ක් බවද වාර්තාවේ.
නියඟය යනු දීර්ඝ කාලයක් තිස්සේ එනම් මාස ගණනක් හෝ අවුරුදු ගණනක් තිස්සේ යම් ප්‍රදේශයකට ජලය සැපයීමේ ඌනතාවයක් ඇති වීමයි.
යම් ප්‍රදේශයකට සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩු වර්ෂාපතනයක් ලැබීම මේ තත්ත්වය ඇතිවීමට බලපායි. 
එයට පරිසර පද්ධතිය කෙරෙහි මෙන්ම අදාළ ප්‍රදේශවල කෘෂිකර්මාන්ත කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමට හැකිය.
නියඟ තත්ත්වය දිර්ඝකාලීන පැවතියද තද බල කෙටි නියඟ තත්ත්වයකින් පවා දේශීය ආර්ථිකයට සැළකිය යුතු අලාභ හානි කළ හැක.

Related

News 3069137056468340497

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item