ශ්‍රී ලාංකිකයෝ පිරිසක් ඉරාක යුද්ධයට කොටුවේ

උතුරු ඉරාක කුර්දිස්තානයේ රැුකියාව සඳහා ගොස් සිටින ශ‍්‍රී ලාංකිකයන් පිරිසක් එරටින් පිටවී යාමට නොහැකිව එහි කොටුවී සිටින බව ඔවුන්ගේ ඥාතීහු පවසති.

පවතින යුධ වාතාවරණය හමුවේ රටින් පිටවී යාමට උත්සාහ දැරුවත් තම දරුවන් බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින බව ඉරාක කුර්දි කලාපයේ රැුකියාව සඳහා ගොස් සිටින ශ‍්‍රී ලාංකිකයන්ගේ ඥාතීන් පවසති.

නැගෙනහිර ප*කඑතාතේ තාන්තාමලේ පදිංචි රාමලිංගම් මේදවැල්ලී පවසන්නේ නැවත සිය රට බලා යාමට අවශ්‍ය බව පැවසූ ශ‍්‍රී ලාංකිකයන් හැත්තෑපස් දෙනෙකුව මාංචු දමා කුර්දි හමුදා විසින් රඳවා ගෙන ඇති බව එහි සිටින තම පුතුගෙන් දැන ගැනීමට ලැබුණු බවයි.


‘මොබයිල් ෆෝන් සේරම අර ගෙන සිම් කාඞ් ගලවලා දින කීපයකට පසුව ආපසු දුන්නා කිව්වා. කෑම දෙන්නේ නැතිලූ‍. හමුදාව තව එහි වැඩ කල තුන්සිය පනස් දෙනෙකුට පමණ පහර දීලා බලෙන් වැඩට යොදවනවලූ‍.’ යැයි ඇය වැඩි දුරටත් පැවසුවාය.

පැමිණිලි

කුර්දිස්තානයේ රැුකියාව සඳහා ගොස් එහි අසරණව සිටින තම දරුවන් නැවත ගෙන්වා දෙන මෙන් මඩකලපුවේ පියෙකු වන මුත්තුලිංගම් වගකිවයුතු අංශයන්ගෙන් ඉල්ලා සිටියි.

තම දරුවන් ශ‍්‍රී ලංකාවට නැවත ගෙන්වා ගැනීමට අවශ්‍ය ක‍්‍රමවේදය නොදන්නා බැවින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පී අරියනේත‍්‍රන් හමු වී ඔහුට මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට දුකට පත් මව්පියන් ක‍්‍රියා කර තිබේ.


ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අරියනේත‍්‍රන් මහතා ගෙන් බීබීසීය තොරතුරු විමසූ විට ඔහු කියා සිටියේ ඊයේ (12* දිනයේදී පමණක් පැමිණිලි හතක් ලැබී ඇති බවයි.

ලැබුණු තොරතුරු අනුව ශ‍්‍රී ලාංකිකයන් අටසීයක් පමණ ඉරාක කුර්දිස්තානයේ රැුකියාව සඳහා ගොස් සිටින අතර ඉන් හාරසීය හැට දෙනෙකු පමණ නැවතත් ශ‍්‍රී ලංකාව බලා පැමිණීමට කැමැත්තෙන් සිටින බවයි ඔහු වැඩි දුරටත් පැවසුවේ.


විදේශ නියුක්ති කාර්යාංශයට පැමිණිලි කිරීමට අමතරව ඉරාක කුර්දිස්තානයේ රැුකියාවට ගොස් සිටින ශ‍්‍රී ලාංකිකයන්ගේ ඥාතීන් මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයටද පැමිණිලි ක*කඑත යුතු බව විදේශ නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරි මංගල රන්දෙනිය බීබීසීයට කියා සිටියේය.

(බිබිසි සංදේශය*

Related

Hot News 6874687330444506519

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item