වාරියපොළ සෙල්වා ගැන පොලීසියෙන් ප්රකාශයක්
https://33000g.blogspot.com/2014/08/blog-post_621.html
ඉකුත් දින කිහිපයේ අන්තර් ජාලයේ ජනපි්රයම වීඩියෝවක් බවට පත් වුයේ වාරියපොල බස්නැවතුම් පොළේදී තරුණයෙකුට තරුණියක් විසින් පහරදීමේ සිද්ධියයි. අන්තර් ජාලය ඔස්සේ අදාළ වීඩියෝවට ලැබුණු ජනපි්රයත්වය හේතුවෙන් පුවත්පත්, ගුවන් විදුලි සහ රූපවාහිනී නාළිකාද එම සිද්ධිය පාදක කර ගනිමින් විවිධ පුවත් පළ කළා.
එහිදී පහරකෑමට ලක්වුයේ වාරියපොල ප්රදේශයේම පදිංචි සෙල්වා නොහොත් රොබට් දාසන්ලාගේ චන්ද්ර කුමාර නමැත්තායි. ඒ සම්බන්ධයෙන් වාර්තා වූ නවතම සිද්ධිය වූයේ පහරකෑමට ලක්වන තරුණයාගෙන් පොලිසිය ප්රශ්න කිරීමයි. පොලිස් මාධ්ය ප්රකාශක කාර්යාලය පැවසුවේ වාරියපොල බස් නැවතුම් පොළේදී එදින සිදුවූයේ කුමක්දැයි අදාළ තරුණයාගෙන් ප්රශ්න කර පසුව මුදාහැරි බවයි.
කෙසේවෙතත් අදාළ තරුණයා හෝ තරුණිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් සිදුකර නැහැ