තරුණ වෙන්න ගිය වෛද්‍යවරියගේ මරණයට හේතුව හෙළිවෙයි

බම්බලපිටියේ රූපලාවන්‍ය වෛද්‍ය මධ්‍යස්ථානයකදී එන්නතක් ලබාදුන් පසු මියගිය වෛද්‍යවරියට ලබාදුන් එන්නත කල් ඉකුත් වූවක් බව අනාවරණය වී තිබේ.

ඒ පිළිබද විභාග වන නඩුව අධිකරණය හමුවේ අද කැඳවූ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරි ජයරත්න මහතා මේ බව පැවැසී ය.


වෛද්‍ය නිමල් ගමගේ විසින් රූපලාවන්‍ය සැත්කමක් සඳහා මෙම ප‍්‍රතිජීවක ඖෂධනය ලබාදී තිබූ අතර ඔහුගේ රූපලාවන්‍ය වෛද්‍ය මධ්‍යස්ථානයේ සහ නිවසේ තිබී කල් ඉකුත් වූ ඖෂධ තොගයක් සොයාගැනීමට ආරක්ෂක අංශ සමත් විය.

මියගොස් තිබුණේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය අලූත්ගේ පි‍්‍රයංගි නමැත්තියයි.

Related

Hot News 4059306818909631037

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item