එබොල්ල අවදානම (සංවේදී පිරිස් නැරඹීමෙන් වලකින්න)

නිරතුරුව විවිධ ව්‍යසන වලට ලක්වන අප්‍රිකා මහාද්වීපය මෙවර වයිරස් උණ රෝගයකින් තර්ජනයට ලක්ව තිබේ.

එබෝල්ලා නම් මෙම වෛරසය හේතුවෙන් මේවන මිය ගිය ගණන 1,000 කට අධිකය.

මෙහි ඇති අවදානම නම් මෙම රෝගය සදහා පුර්ණ සුවය දෙනු ලබන ඖෂධයක් මේවන තෙක් සොයාගෙන නොමැති වීම වන අතර මෙම රෝගය කෙසේ ව්‍යාප්ත වන්නේද යන්න පිළිබඳවද නිශ්චිත හදුනාගැනීමක් සිදුකර නොමැත.


දැනට සිදුකර ඇති පර්යේෂණ තුලින් හෙළිවී ඇත්තේ මෙය ස්පර්ශය, රුධිරය හුවමාරුවීම, අසාදිත සත්ව 
මාංෂ්‍ය අනුභව කිරීම මෙම රෝගය ව්‍යාප්ත වීමට මුලිකව හේතුවී ඇති බවයි.

අප්‍රිකාවේ ග්‍රාමීය ප්‍රදේශවල මීයන්, වවුලන් වැනි වන සතුන්ගේ මස් (Bush Meat) සුලබව ආහාරයට ගැනීම නිසා රෝග කාරක විෂබිජ මස් හරහා ශරීර ගතවීම මෙය ව්‍යාප්ත වීමට මුලිකව බලපා ඇති බවට මේවන විට හෙළිකර ගෙන තිබේ.

තවද මෙලෙස මියගිය පුද්ගලයන්ගේ සිරුරු ආදාහනය කිරීම සහ එම්බාම් කිරීමට සම්බන්ද වූ පාර්ශවයන්ද මෙම එබෝල්ලා වෛරසයට ගොදුරුවී තිබේ. 


නිරන්තරයෙන් බෝට්ටු හා විවිධ අවිධිමත් මාර්ග ඔස්සේ හොර රහසේ යුරෝපයට පැමිණෙන සරණාගතයන් හේතුවෙන් මේ වන විට මෙහි අවදානම යුරෝපය කරාද ව්‍යාප්තවී තිබේ.

එමෙන්ම අප්‍රිකාවේ අල් කයිඩා, අල් ශබාබ්, බොකෝ හරාම් වැනි ත්‍රස්ත කණ්ඩායම් මෙය ජිව විද්‍යාත්මක අවියක් ලෙස යුරෝපයට එරෙහිව භාවිතකිරීමේ ඇති හැකියාව මත යුරෝපයද මෙම එබොල්ල වයිරසයේ අවදානමට ලක්ව තිබේ.

මෙම රෝගයට ලක්වන පුත්ගලයන්ගේ සම පැලී ලේ වහනයවීම, නහයෙන් මුඛයෙන් ලේ වහනයවීම වැනි කරුණු මත ඉතා වේදනාකාරී මරණයට ගොදුරුවේ.

මේ වනවිට ශ්‍රී ලංකාව තුලට රෝගය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා කටුනායක ගුවාන්තොටුපොල තුල විශේෂ විද්‍යා ඒකකයක් ස්ථාපිත කොට තිබේ.





Related

World News 6439867559123569811

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item