මගෙයි අරවින්දයි අතර ආදර සම්බන්ධයක් නැහැ - විනු උදානි කටකතා ගැන කියයි
https://33000g.blogspot.com/2014/08/blog-post_73.html
ඇහැළේපොළ චිත්රපටයෙහි
දර්ශන තලයට
ආවට පස්සේ......
.jpg)
'තරු මලී' ටෙලි නාට්ය හරහා රසිකයන් බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගැනීමට සමත් වූ යොවුන් නිළි "විනු උදානි සිරිවර්ධන" පිළිබඳව මේ දිනවල කතා බහට ලක්වන්නේ, 'පුස්වැල්ල කුමාරිහාමි'ගේ දියණියගේ චරිතයට පණපොවමින් 'ඇහැළේපොළ කුමාරිහාමි' සිනමා සිතුවමට එක්වීම නිසා ය. මෙම සිනමා නිර්මාණ එක් වතාවක් හෝ ඔබ නැරබුවා නම්, පුස්වැල්ල කුමාරිහාමිගේ දියණිය ලෙස රගපෑ විනු උදානිව ඔබට හොඳ හැටි මතක ඇත. තරුමලී විලස ජනප්රියත්වය හිමි කර ගත් විනුට තිරයට පිවිසීමේ මුවදොර විවර වන්නේ ඇහැළේපොළ කුමාරිහාමිසිනමා නිර්මාණය හරහා ය. ඉතින් ඒ දේවල් පිළිබදවත් තවත් කරුණු බොහොමයක් ගැනත් විනු එකිනෙක විස්තර කළ දෑ අප මෙලෙසින් දිගහරින්නෙමු."ඇහැළේපොළ කුමාරිහාමි තමයි මගේ පළමු චිත්රපට රංගනය. හා හාපුරා කියා සිනමාවට පිවිසියේ ඓතිහාසික චිත්රපටයකින්.මම හිතන්නේ මේක රංගන ශිල්පිනියකට ලැබෙන ඉතාම විරල අවස්ථාවක්. මට එවන් චරිතයක් රගපාන්න ලැබුණ නේද කියලා හිතත්දිත් පුදුමාකාර සතුටක් දැණෙනවා. අනික එයා ලංකාවේ ඇත්තටම ජීවත් වූ තැනැත්තියක්නේ. ඒක හින්දා ඒ කාලේ විදිහට දෙබස් උච්ඡාරණය කරන්න සිදු වුණා. මේ මොහොතේ මම චිත්රපටයේ අධ්යක්ෂ සුගත් සමරකෝන් මහතාට ස්තුති වෙනවා මෙවන් වූ චරිතයකට මට ආරාධනා කිරීම පිළිබඳව.
මම මේ චරිතය මට සුදුසු නිසානේ අධ්යක්ෂවරයා මට කතා කළේ. මම ඊට හැකි අයුරින් උපරිමයෙන් සාධාරණය ඉෂ්ට කළා. මගේ අඩුපාඩු තියෙන්න පුළුවන්. මොකද මෙය මගේ පළමු චිත්රපට රංගයනේ. ඊළග චිත්රපටයේ මම මීට වඩා හොඳින් රගපාවි.
ඇහැළේපොල කුමාරිහාමිහි මාම්පිටිය කුමාරයා ලෙස රගපෑ අරවින්ද දොඹගහවත්ත සහ මං අතර ඇත්තටම ආදර සම්බන්ධයක් තියෙනවා කියලා කට කතාවක් තියෙනවා. ඒක විහිළු කට කතාවක් විතරයි. අරවින්ද මගේ පෞද්ගලික මිත්රයෙක් නෙමෙයි. අපි හඳුනගත්තේ ඇහැළේපොළ චිත්රපටයෙහි දර්ශන තලයට ආවට පස්සේ.ඇහැළේපොල චිත්රපටයේ අමතක නොවන සිදුවීමක් ගැන කියනවනම්, දියේ ගිල්වා මරණ දර්ශනයට මම හරිම බයෙන් මුහුණ දුන්නේ. දඹුල්ල පැත්තේ වැවක තමයි ෂූටිං තිබුණේ. අධ්යක්ෂවරයා දහයේ ඉඳලා එකට ගැන්නා. එක කියද්දී වධකයා මාව වැවට දැම්මා. අත් දෙකම ගැට ගහලයි තිබුණේ. ඇත්තටම එදා මට මරණ බය දැනුණා.
මට මුල අමතක නැහැ කියලා මම දන්නවා. මට මුල අමතක වෙලා කියන කතා හදන අයටයි මම මේ කියන්නේ. තැන් තැන්වල ඔය වගේ කතා පතුරන්නේ නැතුව කෙළින්ම මගෙන් අහන්න. මම ඒවාට නියමෙට පිළිතුරු දෙන්නම්.
ඔබ මේ දවස්වල ශ්රී ලංකා පදනම් ආයතනයේ ඉගෙන ගන්නවා. මම ජනමාධ්ය කළමනාකරණය පිළිබඳ උපාධියක් හදාරනවා. එහි අවසාන අරමුණ මාධ්ය ආයතනයක් හා සම්බන්ධ වීම. ජනමාධ්ය කියන්නේ කලාවේම කොටසක්නේ. ඒක කරන ගමන් රංගනයත් කරනවා.
තරුමලී කියන නම හොඳයි. අපේ පන්තියේ දේශන සඳහා එඞ්වින් ආරියදාස මහත්මයා ආව පළමු දවසේ මාව දැකලා ආ . . . මේ අපේ තරුමලිත් පන්තියේ ඉන්නවනේ කියලයි දේශනය ආරම්භ කළේ. ඉදිරියේ නාට්ය තුනක් විකාශය වෙන්නට නියමිතයි. ඒවා එනකම් මමත් බලාගෙන ඉන්නවා."
විනුගේ මනමාලයා,
"විදෙස් ගත වෙලා ඉන්න කෙනෙකුගෙන් මට විවාහ යෝජනාවක් ආවා තමයි. හැබැයි තවම ඒක ස්ථිර නැහැ. ඒ ගැන වැඩිදුර විස්තර දැනට කියන්න අපහසුයි."
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)