“සිද්ධාර්ථටත් අම්මා මගහැරුණා.. මටත් මග හැරුණා” – උපුල් ශාන්ත සන්නස්ගල
https://33000g.blogspot.com/2014/08/blog-post_801.html
තවම අප නොකියවූ ‘අම්මා’ ඔබ අර්ථ දක්වන්නේ කොහොමද?
‘අම්මා’ නමැති ඒ ප්රේමණීයත්වය මනින්නට ඉතිහාසය තවම අපට කෝදුවක් නිර්මාණය කරදීලා නැහැ. ඒ මහා උදාරත්වය වචනයෙන් කියන්න තවම භාෂාවක් ප්රමාණවත් නෑ. ඒ නිසා මම පූර්විකා සපයන්න ගියොත් ඒ පූර්විකාව ‘අම්මා’ට වඩා බොහොම දුප්පත් සටහනක් වෙනවා.
ඔබ අකුරු කළ ‘අම්මා’ ඔබේ අම්මා දැයි මට ප්රශ්නයක් මතු වෙනවා?
නෑ. මේ මගේ අම්මාගේ කතාව නම් නෙවෙයි.
මේ අම්මා තුළ ‘සන්නස්ගලගේ අම්මා’ කොයි තරම් ඉඩක ඉන්නවද?
අඩු වැඩි වශයෙන් මගේ අම්මාත් මේ තුළ යම් යම් තැන්වල ඉන්නවා වෙන්න පුළුවන්. ඒත් මං හිතනවා ‘අම්මා’ කියන්නේ පුද්ගලික දේපොළක් නෙමෙයි.අලුත්ගම මුස්ලිම් අම්මා කෙනෙක් ගත්තත්, යාපනයේ උපවාසයෙන් මියගිය තිලීපන්ගේ අම්මා ගත්තත්, සිරිමාවෝ කියන අම්මා ගත්තත්, පාතාල නායකයකුගේ අම්මා ගත්තත් ඒ සියලු දෙනා අම්මා නමැති මහා කුලකයට අයිති වෙනවා.
අම්මා මගහැරුණු පුතෙක් තමන්ගේ අම්මා වෙනුවෙන් කළ යුතුකමක් හැටියට මම මේ ලියැවිල්ල හැඳින්වුවොත්?
ඒක මම පිළිගන්නවා. මට විතරක් නොවෙයි ලෝකයේ බොහෝ දරුවන්ට ‘අම්මා’ මගහැරෙනවා. සිද්ධාර්ථට අම්මා මගහැරෙනවා. අවුරුදු දහසයේදී ගෙදර මෙහෙකාරයා එක්ක පැනලා ගිය පටාචාරාට අම්මා මගහැරෙනවා. ඊයේ පෙරේදා ඉන්දියාවේ අගමැති වුණු මෝදිට අම්මා මගහැරෙනවා. අගමැති දිවුරුම් දුන් ගමන් ඔහු ඒ නිසා අම්මා සොයා යනවා. කොළඹ රැකියා කරන බොහෝ දරුවන්ට අම්මා මගහැරෙනවා. මටත් එහෙමමයි.
අපි හොඳින් දන්නේ මැක්සිම් ගෝර්කිගේ ‘අම්මා’වයි. සන්නස්ගලගේ ‘අම්මා’ එයින් වෙනස් වෙන්නේ කොහොමද?
ගෝර්කිගේ අම්මා දේශජ නෑ. ඒක රුසියානු නවකතාවක්. ඒක විශ්වීය නවකතාවක්. ගෝර්කිගේ අම්මා රුසියානු විප්ලවය අවුරුදු විස්සකින් ඉක්මන් කළ බව වතාවක් ලෙනින් කිව්වා. ගෝර්කිගේ අම්මා කාල, දේශසීමා ඉක්මවා යන නිසා සාර්ථකයි.
මම මේ ලියන්නේ ලංකාවේ අම්මා ගැනයි. ගංවල ජීවත්වුණු මේ සියවසේ මගේ වයසේ දරුවන් බොහෝදෙනෙකුට අම්මා වුණු අම්මා කෙනෙක් ගැනයි.
සියල්ල අලෙවි වන ලෝකයේ ‘අම්මා’ත් මාකට් කරනවායි ඔබට චෝදනාවක් ආවොත්?
සියල්ල අලෙවි වන ලෝකයේ ‘අම්මා’ත් මාකට් කරනවායි ඔබට චෝදනාවක් ආවොත්?
ඕක තක්කඩි ප්රශ්නයක්. අඩු වැඩි වශයෙන් ඔබ සියලු දෙනා විකිණෙනවා. මගෙන් ඔය ප්රශ්නය අහන අයත් තම තමන් විකිණෙමින් තමයි ඔය ප්රශ්නය අහන්නේ.මං හෙට අනිද්දට අම්මට දානයක් දුන්නොත් මට ඔය කතාවම අහන්න ලැබෙයි.
එන්.එම්