තව්හිද් ජමාද් විරෝධතාවයට බොදු බල සේනා විරෝධය
https://33000g.blogspot.com/2014/08/blog-post_84.html
විරෝධතාවක් සඳහා මාලිගාවත්ත ප්රදේශයට රැස්ව සිටි බොදුබල සේනා සහ තවුහිද් ජමාද් සංවිධානයේ සාමාජිකයින් පිරිසක් විසිර ගිය බව පොලිසිය පවසනවා. ඊශ්රායල් පලස්තීන ගැටුම්වලට එරෙහිව තවුහිද් ජමාද් සංවිධානය විරෝධතා පෙළපාළියක් සංවිධාන කර තිබුණා.
ඔවුන් රැඳී සිටියේ මාලිගාවත්ත ජුම්මා මජීත් පල්ලිය ඉදිරිපිටයි. බොදුබල සේනා සංවිධානය ද ඊට ආසන්න ප්රදේශයේ රැඳීසිටියා. කොටුව සහ පිටකොටුව ආශ්රිතව අද විරෝධ
තාවල නිරත වීම වළක්වමින් අධිකරණය ඊයේ බොදුබල සේනා ඇතුළු සංවිධාන 3කට නියෝගයක් ද නිකුත් කර තිබුණා.