කොලඹ පාවෙන වෙලෙඳපොල අද සිට - ඡායාරූප
https://33000g.blogspot.com/2014/08/blog-post_898.html

ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ක්රියාත්මක කොළඹ නගර අලංකරණ හා සංවර්ධන ව්යාපෘතිය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් යුද හමුදා ශ්රම දායකත්වයෙන් රුපියල් මිලියන 150 ක වියදමින් මෙම පාවෙන වෙළෙඳ සංකීර්ණය ඉදිකරනු ලැබීය.
වෙළෙඳ කුටි 92 කින් සමන්විත මෙහි සුපිරි අවන් හලක් සහ කුටි 10 ක දේශීය ආයුර්වේද නිෂ්පාදන අලෙවි සැල් පිහිටුවා ඇති අතර ඉතිරි ඒවා ඒ අවට ප්රදේශයේ අනවසර හා අවිධිමත් ලෙස ව්යාපාරික ස්ථාන පවත්වාගෙන ගිය ව්යාපාරිකයන් වෙත ලබාදී ඇත.

