රෙබෙකාගේ පිළිකා රෝගය හොයාගත්තේ 2007 දී
https://33000g.blogspot.com/2014/08/2007.html
අභාවප්රාප්ත ප්රවීණ නිළි රෙබෙකා නිර්මලී පිළිකා රෝගයකින් පෙළෙන බවට සොයාගෙන ඇත්තේ 2007 වසරේ දී බව අනාවරණ වී තිබේ.
ඇය ගැබ්ගෙළ පිළිකාවක් හේතුවෙන් අද (13) මහරගම පිළිකා රෝහලේ දී මරණයට පත් විය. බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක අද (13) දිනයේ දේහය තැන්පත් කර තබන අතර හෙට (14) ඇයගේ දේහය කලා භවනට රැගෙන යාමට නියමිතයි.රෙබෙකා නිර්මලී මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (14) බෙරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කෙරේ.
මරණයට පත්වනවිට 49 වියේ පසු වූ මෙම කලාකාරිනිය කාලයක සිට මෙම රෝගයෙන් පීඩා වින්දා ය.2007 වසරේ හඳුනාගත් පිළිකා රෝගී තත්ත්වය පිළිබඳ රෙබෙකා දිගින් දිගටම ප්රතිකාර ගෙන තිබේ.එහෙත් මෑත කාලීන ව ඇගේ රෝගී තත්ත්වය උත්සන්නවීමෙන් මහරගම පිළිකා රෝහලේ 07 වැනි වාට්ටුවේ නේවාසික ප්රතිකාර ලබාගත්තා ය.එහි දී ඇයට රසායන චිකිත්සාව හා විකිරණ ප්රතිකාර ලබාදුන් බව පිළිකා රෝහලේ නියෝජ්ය අධ්යක්ෂ්ය වෛද්ය වසන්ත දිසානායක ප්රකාශ කරයි.
එහෙත් ඇයගේ රෝගී තත්ත්වය උත්සන්වීමෙන් මෙලෙස ඇය මරණයට පත් ව තිබේ.මේ වනවිට ටෙලිනාට්ය 150 ක පමණ රඟපා ඇති අතර පසුගිය කාලයේ ටෙලි නාට්ය රාශියක මවගේ චරිතයට ඇය රංගනගනයෙන් දායක විය.පසුගිය රයිගම් ටෙලි සම්මාන උළෙලේ දී සම්මානයකින් ද ඇය පිදුම් ලැබුවා ය. ‘‘වෙද හාමිනේ’’චරිතය හරහා ඇය එක් රැයකින් ජනප්රියත්වයට පත් විය.අනුරාධපුර ප්රදේශයේ උපන් රෙබෙකාට දියණියක් සිටින්නී ය.
රෙබෙකාගේ කලා දිවියට වසර 24 ක්වන අතර චිත්රපට සහ වේදිකා නාට්ය රසක ද ඇය රඟපා තිබේ.තව ඉදිරියට ද ඈ රැඟූ නිර්මාණ කිහිපයක්ම තිරයට පැමිණීමට නියමිතයි.
‘‘වෙද හාමිනේ’’ ටෙලි නාට්යය තුළින් කලා ලොවට ඇය ගෙනා ජයන්ත චන්ද්රසිරිගේම නිර්මාණයකම රෝගීවන්නට පෙර ඇයගේ අවසන් රංගනය ද සටහන් කිරීම විශේෂ සිද්ධියකි. ඇය රැඟූ අවසන් රංගනය සටහන් ව ඇත්තේ ‘‘මහරජ ගැමුණු’’ චිත්රපටයේ ය.
