දඩ ගහන පාසැලක් ON THE SPOT

ඉමදුව ජාතික පාසලේ විදුහල්පතිනිය විසින් ප්‍රමාද වී පාසලට පැමිණෙන දරුවන්ගෙන් රුපියල් පහක දඩයක්‌ අයකරන බව ඊයේ (12 දා) පැවැති දකුණු පළාත් සභා රැස්‌වීමේදී ජ.වි.පෙ. මන්ත්‍රී නලින් හේවගේ මහතා පැවැසීය.

ඒ මහතා මේ අදහස්‌ පළකළේ ඊයේ දකුණු පළාත් සභාව එහි සභාපති සී. සෝමවංශ කෝදාගොඩ (එජනිස) මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්‌වූ අවස්‌ථාවේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ නලීන් හේවගේ (ජ.වි.පෙ.) මන්ත්‍රීවරයා මෙසේද පැවැසීය.ඉමදුව ජාතික පාසල කීර්තිමත් ජාතික පාසලක්‌. ඒ ගැන විවාදයක්‌ නෑ. නමුත් අද වනවිට මෙහි විදුහල්පතිනිය අමුතුම ආකාරයේ නීති පාසල තුළ පවත්වාගෙන යනවා.

මෙම විදුහලේ කොහේවත්ම නැති ගුරු සටහන් පොතක්‌ පවත්වාගෙන යනවා. මේ නිසා ගුරුවරුන් දැඩි අසීරුතාවට ලක්‌වෙලා තියෙනවා.

ඒ වගේම පාසලට ප්‍රමාද වී එන එක්‌ දරුවකුගෙන් රුපියල් පහ බැගින් 'ඔන් ද ස්‌පොට්‌' දඩ ගහනවා. මෙම සල්ලිවලට මොකක්‌ද වෙන්නේ කියලා සොයා බැලිය යුතුය.

පාසලේ ගුරුවරුන් ගේට්‌ටුව මුරකරන්නත් දමලා. මෙම අත්තනෝමතික ක්‍රියා කලාපය නිසා ගුරුවරුන් දැඩි කලකිරීමට ලක්‌වී සිටිනවා. මේ තත්ත්වය පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක්‌ කරන ලෙස ඉල්ලනවා.

මේ පිළිබඳව අපි ඉමදුව ජාතික පාසලේ විදුහල්පතිනි කේ. සුමිත්‍රා මහත්මියගෙන් විමසීමක්‌ කළෙමු.

ඔය චෝදනා මා ප්‍රතික්‍ෂේප කරනවා. මම පාසලට ප්‍රමාද වී එන දරුවන්ගෙන් මුදල් එකතු කළේ නෑ. විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්‌ඩලය ප්‍රමාද වන දරුවන්ගෙන් රුපියල් පහ බැගින් එකතු කළා. ඒ මුදල් වියදම්කර ඔවුන් විදුහලේ මුර කුටියක්‌ හදලා පසුගියදා විවෘත කළා.

මා ගුරුවරුන්ගෙන් සේවය ලබාගත යුතුයි. ඒ සඳහා විවිධ පියවරගෙන තිබෙනවා. ඒක ඇත්ත. ගුරුවරු පාසලේ විෂ්‍ය හා බාහිර ක්‍රියාකාරකම්වලට යොදවා ගැනීමේ වගකීම තියෙන්නේ විදුහල්පතිවරයා ලෙස මටයි. ඉතින් ඒ කටයුතු මා සංවිධානය කර තිබෙනවා.

පාසලේ ගුරුවරුන් වෙනුවෙන් සටහන් පොතක්‌ පවත්වාගෙන යනවා. වෙනත් පාසල්වලත් ඒ තත්ත්වය තිබෙනවා.
 

Related

News 2766389415299625150

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item