PLANE එකෙන් දැන් DRIVE THRU

මැක් ඩොනල්ඩ් අවන් හල් වල මෝටර් රථයේ සිට ආහාර ලබා ගැනීමට Drive thru  පහසුකම්  සකසා තිබෙන බව කවුරුත් දන්නා කරුණකි. නමුත් නවසීලන්තයේ මැක් ඩොනල්ඩ් අවන් හලක් ගුවන් යානයේ සිට ආහාර ගැනීමට හැකිවන ආකාරයේ පහසුකමක් සකසා තිබේ.

මෙම අවන් හල පැරණි DC - 3 ගුවන් යානයක් යොදා ගනිමින් එතුළ අවන්හලක් සකසා තිබේ. මෙම ගුවන් යානයේ පැරණි නියමු මැදිරිය ආදිය තවමත් එලෙසම පවතින අතර මෙහි එකවර 20 දෙනෙකුට ආහාර ගැනීමේ පහසුකම් සලසා තිබේ.

මැක්ඩොනල්ඩ් ආයතනය විසින් එම ගොඩනැගිල්ල මිලදී ගන්නා විට එම භූමියේ දිරාපත් වෙමින් මෙම ගුවන් යානය තිබී ඇති අතර මෙම ගොඩනැගිල්ලේ පැරණි හිමිකරු පවසා ඇත්තේ මෙම ගොඩනැගිල්ලේ කුලියට සිටි පිරිසක් මෙම යානය ගෙනවිත් දැමු  බවයි.

කෙසේ වෙතත් මේ වන විට මැක්ඩොනල්ඩ් ආයතනය විසින් මෙම ගුවන් යානය සිය ආවේණික වර්ණ ගල්වා වෙනස් කර එතුළ අවන් හලක් පවත්වාගෙන යයි.
තවත් පින්තූර පහතින්






Related

News 6145686110706445676

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item