නිදහස් පක්ෂ මහ ලේකම් "ළිඳක" වැටේ (Video)

නියං තත්ත්වයන්ට මුහුණ දී සිටින පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පානීය ජල ළිං ව්‍යාපෘතියක සිදු වූ මූල්‍ය වංචාවක් පිළිබඳව අද පැවැති සාකච්ඡාවකදී තොරතුරු හෙළි වී තිබේ.
ඒ පො‍ළොන්නරුව දිස්ත්‍රික්කයේ දැනට පවතින නියං තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය නිලධාරීන් ,දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරු සහ සභාපතිවරු ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති සාකඡ්චාවේදීයි. 
මෙහිදී ලංකාපුර ප්‍රාදේශීය සභාපතිවරයා පෙන්වා දී ඇත්තේ ප්‍රාදේශීය ලේකම්වරයා හරහා ප්‍රදේශයේ පානීය ජල ළිං ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙන අතර එහි එක් ළිඳක අඩි 14 ක් කැපීම සඳහා රුපියල් ලක්ෂ 14 ක් වියදම් වී ඇති බවයි. 
මෙම ව්‍යාපෘතිය හුදෙක් පානීය ජල ව්‍යාපෘතියක් ලෙස පෙනී නොයන බව පෙන්වා දෙන ලංකාපුර ප්‍රාදේශීය සභාපතිවරයා පවසන්නේ ජලය කිසිදු අයුරකින් පරීක්ෂණයකටවත් භාජනය නොකර ඉදිවෙන්නක් බවයි. මේ අතර මැදිරිගිරිය ප්‍රදේශයෙත් මෙම ගැටළුව පවතින බව හෙළි වුණා. 
මෙහිදී හෙළි වුණේ දිස්ත්‍රික්කයේ පානීය ජල ව්‍යාපෘතියක් වෙනුවෙන් ආර්ථක  සංවර්ධන අමාත්‍යාංශය හරහා ව්‍යාපෘතියක් දියත් කර ඇති බවයි. එහි පානීය ජල ළිං 10 කට රුපියල් ලක්ෂ 60 බැගින් රුපියල් ලක්ෂ 120 ක් වෙන් කර ඇති බවත් අනාවරණය වී  තිබේ. 
කෙසේවෙතත් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍ර ලේඛණයේ සඳහන් වන්නේ අදාළ ව්‍යාපෘතියේ ශ්‍රම දායකත්වය එම ප්‍රදේශයන්වල ජනතාවගෙන් ලබා ගෙන ඒ සඳහා වැටුපක්ද ගෙවන ලෙසයි.
කෙසේවෙතත් ඒ වෙනුවට පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන් දෙදෙනෙකුට ව්‍යාපෘතිය පවරා මහජන මුදල් නාස්ති කිරීම පිළිබඳව මෙහිදී අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා අදාළ නිලධාරීන්ට දැඩි විවේචන එල්ල කළ අතර වංචාවක් සිදු වී ඇති බව හෙළි වූවහොත් අදාළ නිලධාරීන්ගේ රැකියා පවා අවධානම් බවයි සඳහන් කළේ.

Related

News 7270990819636174791

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item