ගුරුකම් කළ හිමිනම ඇබිත්තයා සමග ගුටි කෙලියක

ස්වාමීන් වහන්සේ නමකට අයත් රුපියල් ලක්ෂ 30 ක් පමණ වටිනා ජීප් රථයකට ගිනි තබා විනාශ කළ බව කියන අයෙකුව මෙම මස 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නිකවැරටිය වැඩ බලන මහේස්ත්‍රාත් ටී.බී.තෙන්නකෝන් මහතා නියෝග කළේය.
එම සැකකරුට පහර දුන් බව කියන ස්වාමීන් වහන්සේ නමක්වව රුපියල් ලක්ෂ 02 ක ශරීර ඇප මත මුදා හරින ලෙසද වැඩ බලන මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ කැළණිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක් වන සැකකරුවෙකු වන අතර ඇප මත මුදා හැර ඇත්තේ නැකැත්වැවේ විමලධර්ම නම්වූ ස්වාමීන් වහන්සේ නමක්ය.
ඇප මත මුදාහැර ඇති ස්වාමීන් වහන්සේට අයත් ඉඩමක් සහ නිවසක් කොටවෙහෙර පොලිස් වසමේ පුහුල්ගොඩ ප්‍රදේශයේ පිහිටා ඇත. එම ස්වාමීන් වහන්සේ විසින් මෙම ඉඩමේ දේවාලයක් පවත්වා ගෙන ගොස් ඇත. සතියකට දින කීපයක් කැළණියේ සිට එම ඉඩම පිහිටි දේවාලයට වැඩම කරන ස්වාමීන් වහන්නේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කර ඇති බව පැවසේ.
රක්ෂිත බන්ධනාගාර ගත ඇති තරුණයා මෙම ස්වාමීන් වහන්සේගේ සේවකයා ලෙස කටයුතු කර ඇත.
ඉකුත් 10 වැනිදා රාත්‍රීයේ ස්වාමීන් වහන්සේ සහ සේවකයා අතර ආරවුලක් ඇති වී ඇති අතර එහිදී ස්වාමීන් වහන්සේ විසින් තම සේවකයාට පහර දී ඇත. ඉන් පසුව සැකකාර සේවකයා විසින් ස්වාමීන් වහන්සේට අයත් පැජරෝ වර්ගයේ ජීප් රථයකට සහ ට්‍රැක්ටරයකට ගිනි තබා ඇත. ජීප් රථයට ගිනි ඇවිලී ඇති නමුත් ට්‍රැක්ටරයට හානි සිදුවී නැත.
සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශවයෙන්ම පොලීසියට පැමිණිළි ලැබී ඇත. ඒ අනුව පරීක්ෂණ සිදු කර ඇති කොටවෙහෙර පොලීසිය සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.
කොටවෙහෙර පොලීසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයකොඩි මහතාගේ මෙහෙයවීම මත අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හේරත් මහතා ඇතුළු නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි. 
ජුඩ් සමන්ත

Related

News 5151002593421149789

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item