ගැහැණු ළමයින්ගෙන් 10න් 1ක් ලිංගික අතවරයට



ලොව පුරා වයස අවුරුදු විස්සට අඩු සෑම ගැහැණු ළමයින් දස දෙනෙකුගෙන්ම එක් අයෙකු දූෂණයට හෝ වෙනත් ලිංගික අතවරයකට ලක්ව ඇතැයි යුනිසෙෆ් සංවිධානය පවසනවා.

මේ අනුව එලෙස දූෂණයට හෝ වෙනත් ලිංගික අතවරයට ලක්ව ඇති වයස අවුරුදු විස්සට අඩු මුළු ගැහැණු ළමයින් සංඛ්‍යාව ලක්ෂ 1200ක් පමණ බව ඔවුන් නිකුත් කළ නවතම වාර්තාවක සඳහන්.

රටවල් 190කින් මෙම වාර්තාව සඳහා තොරතුරු ලබාගෙන තිබෙනවා. පිරිමි ළමයින්ද සැලකිය යුතු ප‍්‍රමාණයක් ලිංගික අතවරයන්ට ලක්වන බවයි එයින් පෙන්වාදී ඇත්තේ.

වැඩිපුරම ලිංගික අතවර සිදුවන්නේ අන්තර්ජාලයෙන් බවද හඳුනාගෙන තිබෙනවා.

ළමයින්ට එරෙහිව ඝාතන රැල්ලක්ද ලොවපුරා කි‍්‍රයාත්මක වන බවයි මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

2012 වසරේදී පමණක් ළමයින් අනූපන්දහසක් ඝාතනයට ලක්ව තිබෙනවා. ඔවුන්ගෙන් වැඩිම පිරිසක් ලතින් අමෙරිකාව සහ කැරිබියානු රටවල ජීවත්වූවන්.

Related

Gossip 8070708224603121938

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item